නාය ගිය උඩුවර මාර්ගයේ සුන්බුන් අතරින් මළ සිරුරක කොටස් හමුවෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයාමේ සුන්බුන් ඉවත් කිරීමේදී මළ සිරුරක කොටස් හමුවී තිබෙනවා.

ආපදා කළමනාකරණ නිලධාරීන් ඊයේ සඳහන් කර තිබුණේ මෙම නායයාමෙන් අතුරුදන් වූවන් කිසිවෙකු පිළිබඳ ඒ මොහොත වන විට තොරතුරු ලැබී නොතිබූ බවයි.

ඊට හේතුව වී ඇත්තේ නායයාම සිදුවී ඇත්තේ ජනාවාස අඩු ප්‍රදේශයක වීම සහ ඒ මොහොතේ එම ප්‍රදේශයේ මාර්ගයේ කිසිවෙකු නොසිටීමයි.

පස් කන්දක් නායගොස් අවහිරව තිබූ මාර්ග කොටස යථා තත්වයට පත්කිරීම අද දිනයේ ද සිදු වූ අතර අප වාර්තාකරු සඳහන් කළේ මෙම පස් ඉවත් කිරීමේදී මෘත දේහයක හිස් කබලක් සහ අස්ථි කොටස් හමු වී ඇති බවයි.

නාය ගිය ස්ථානයේ තිබූ සොහොනකින් මෙම හිස් කබල සහ අස්ථි කොටස් මතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම මාර්ගය අවහිර කරමින් වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇතත් වාහන ගමනා ගමනයට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලැබිය යුතු බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මිනිස්සුන්ට බොන්න වතුරත් නැතිකරපු ආණ්ඩුවක් මේක
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47