නාය ගිය උඩුවර මාර්ගයේ සුන්බුන් අතරින් මළ සිරුරක කොටස් හමුවෙයි

බදුල්ල කොළඹ ප්‍රධාන මාර්ගයේ උඩුවර 7 කණුව ප්‍රදේශයේ සිදු වූ නායයාමේ සුන්බුන් ඉවත් කිරීමේදී මළ සිරුරක කොටස් හමුවී තිබෙනවා.

ආපදා කළමනාකරණ නිලධාරීන් ඊයේ සඳහන් කර තිබුණේ මෙම නායයාමෙන් අතුරුදන් වූවන් කිසිවෙකු පිළිබඳ ඒ මොහොත වන විට තොරතුරු ලැබී නොතිබූ බවයි.

ඊට හේතුව වී ඇත්තේ නායයාම සිදුවී ඇත්තේ ජනාවාස අඩු ප්‍රදේශයක වීම සහ ඒ මොහොතේ එම ප්‍රදේශයේ මාර්ගයේ කිසිවෙකු නොසිටීමයි.

පස් කන්දක් නායගොස් අවහිරව තිබූ මාර්ග කොටස යථා තත්වයට පත්කිරීම අද දිනයේ ද සිදු වූ අතර අප වාර්තාකරු සඳහන් කළේ මෙම පස් ඉවත් කිරීමේදී මෘත දේහයක හිස් කබලක් සහ අස්ථි කොටස් හමු වී ඇති බවයි.

නාය ගිය ස්ථානයේ තිබූ සොහොනකින් මෙම හිස් කබල සහ අස්ථි කොටස් මතුවන්නට ඇති බවටයි සැක කෙරෙන්නේ.

මේ පිළිබදව අධිකරණයට කරුණු වාර්තා කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

මෙම මාර්ගය අවහිර කරමින් වැටී තිබූ පස් ඉවත් කර මාර්ගය සකස් කර ඇතත් වාහන ගමනා ගමනයට පෙර ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ අනුමැතිය ලැබිය යුතු බවයි බදුල්ල දිස්ත්‍රික් ආපදා කලමනාකරණ ඒකකය ප්‍රකාශ කළේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.23
00:00
Video thumbnail
නාමල් ගෙනියද්දි අධිකරණය අසල වෙච්ච දේ - "බය වෙන්න එපා සර් තව පොඩි දවසයි"
01:45
Video thumbnail
එකම බස් එකේ අධිකරණයට ආ චාමර සහ නාමල් - නාමල් 06 වනදා දක්වා රිමාන්ඩ්
00:43
Video thumbnail
NBRO එකෙන් ජනතාවට විශේෂ ප්‍රකාශයක් - ඉදිරියේදී නායයෑම් සක්‍රීය වෙන්න පුළුවන්
04:35
Video thumbnail
හෙක්ටර් - නලින්ද පාර්ලිමේන්තුවේ ගැටෙයි - ආමාත්‍යවරු දෙපළම පාර්ලිමේන්තුවේ නෑ..මගේ අයිතිය නැතිව යනවා
06:32
Video thumbnail
කාවන්තිස්සගේ මරණය සොයන්න තේරීම් කාරක සභාවක් ඉල්ලන යෝජනාව කථානායකට ලබාදෙයි
01:12
Video thumbnail
විහාර මහාදේවී උද්‍යානයේ භික්ෂු විරෝධතාවයේ අද උදෑසන තත්ත්වය
01:02
Video thumbnail
ගතවූ පැය 24රේ වැඩිම වර්ෂාපතනය කොළඹින් - පහළ ප්‍රදේශවල සිටින ජනතාව සැලකිළිමත්ව සිටින්න -
04:23
Video thumbnail
රාජාංගන ජලාශයේ සහ අංගමුව ජලාශයේ වාන් දොට්ටු විවෘත කර ඇති අයුරු
00:42
Video thumbnail
අද දිනයේත් බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - අඩු පීඩන කලාපය දිවයිනෙන් ඉවතට
03:12