AFC Banner
Empty Ad
Empty Ad

නාමල් කුරුණෑගලින් තරග කරන පුවත අසත්‍යයයි (නිවේදනය)

ඉදිරි මහ මැතිවරණය සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරග කරන බවට පළ කළ වාර්තා ජනතාව නොමග යවන අසත්‍ය ප්‍රකාශනයක් බව නාමල් රාජපක්ෂ මාධ්‍ය ඒකකය විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරනවා.

පසුගිය මහ මැතිවරණයේ දී තමන්ව වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තෝරාපත් කළ හම්බන්තොට දිස්ත්‍රික්කයේ ජනතාව කෘතගුණ පූර්වකව සිහිපත් කරන නාමල් රාජපක්ෂ මහතා තමන්ට දේශපාලන ඇරඹුම දුන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ ආදරණීය ජනතාව සමඟ ඉදිරියටත් අඛණ්ඩව දේශපාලනයේ නිරතවන බවයි පවසා ඇත්තේ.

එළැඹෙන මහ මැතිවරණයේ දී එක් එක් අපේක්ෂකයන් තරග කරන දිස්ත්‍රික්ක හා ඊට අදාළ අවසන් එකඟතාවන් මේ දක්වා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විසින් තීරණය කර නොමැති බවද එම නිවේදනයේ සඳහන්.

එවැනි පසුබිමක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා එළැඹෙන මහ මැතිවරණයට කුරුණෑගලින් ඉදිරිපත්වනු ඇතැයි ප්‍රචාරය කිරීම හුදෙක් දේශපාලන වාසිය තකා කළ ජනතාව නොමග යැවීමක් බව එහි දැක්වෙනවා.

WhatsApp Image 2024 10 03 at 14.03.45
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?