AFC Banner
AFC Banner
Empty Ad

නාමල්ගේ යෝජනාවට හවුල්කාර පක්ෂ නායකයින් පිටුපායි

ආණ්ඩුව වෙනස් කර සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ බව කියන යෝජනාව හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දිනක නාමල් රාජපක්ෂ, වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා හමුවී අදාල යෝජනාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වාසුදේව නානයක්කාර විසින් අදාල යෝජනාව, පසුගිය අඟහරුවාදා පැවති හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.

වත්මන් අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින් ,ඔවුන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බව හවුල් පක්ෂවල නායකයන් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාමල් රාජපක්ෂගේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
64
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?