නාමල්ගේ යෝජනාවට හවුල්කාර පක්ෂ නායකයින් පිටුපායි

ආණ්ඩුව වෙනස් කර සියලු දෙනා එක්ව නව ආණ්ඩුවක් පිහිටුවිය යුතු බවට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ කළ බව කියන යෝජනාව හවුල් පක්ෂ නවයේ කණ්ඩායම ප්‍රතික්ෂේප කර ඇති බව දේශපාලන ආරංචි මාර්ග පවසනවා.

පසුගිය දිනක නාමල් රාජපක්ෂ, වාසුදේව නානයක්කාර මන්ත්‍රීවරයා හමුවී අදාල යෝජනාව සිදුකර ඇති බවයි වාර්තා වන්නේ.

වාසුදේව නානයක්කාර විසින් අදාල යෝජනාව, පසුගිය අඟහරුවාදා පැවති හවුල්කාර පක්ෂ නවයේ නායකයන්ගේ සාකච්ඡාවේදී ඉදිරිපත්කර තිබෙනවා.

එහිදී පක්ෂ නායකයින් සියලු දෙනා එම යෝජනාව දැඩිව ප්‍රතික්ෂේප කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කළේ.

වත්මන් අර්බුදයට රාජපක්ෂලා වගකිවයුතු බැවින් ,ඔවුන් සමඟ තවදුරටත් ආණ්ඩු කිරීමේ හැකියාවක් නොමැති බව හවුල් පක්ෂවල නායකයන් මෙහිදී ප්‍රකාශ කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව නාමල් රාජපක්ෂගේ යෝජනාව සම්බන්ධයෙන් කිසිදු සාකච්ඡාවක් නොකිරීමට ඔවුන් තීරණය කර ඇති බව සඳහන්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිගේ නිදහස වෙනුවෙන් යන පා ගමන - සංඝ රත්නය සමඟ මහ සෙනඟක් එයි
03:17
Video thumbnail
ශිරන්ති බලන්න සීලරතන හිමි වැලිකඩට - පට්ටපල් හොරු ටික හිරේ දැම්මට කමක් නෑ
04:51
Video thumbnail
වැසිකිළියකින් මතුවූ නීති විරෝධී මත්පැන් ස්කාගාරය - බඩුත් එක්කම සැකකරුවෙක් මාට්ටු
02:33
Video thumbnail
මහානායක හිමි ගැට ගහපු පිරිත් නූල ජනාධිපති විසික් කරලා ගිහින් ?
06:24
Video thumbnail
ජනාධිපතිතුමා පුළුවන්නම් ඔය පුටුවට මාව ගෙන්න ගනින් - ඔය Logic දාපන් මට
02:45
Video thumbnail
දන් බත් කාලා බුදු බණවලින් ග#න්න එන්න එපා - සිවුරට අත තියලා වෙච්ච දේ දැක්කනේ..
02:39
Video thumbnail
අපි හිරේ දැම්මත්, ජම්පරේ ඇන්දුවත් සටන අත් හරින්නේ නෑ - උන්වහන්සේ අපි වෙනුවෙන් හිරබත් කනවා
04:07
Video thumbnail
මහා සංඝ රත්නය ඥානසාර හිමි වෙනුවෙන් මහනුවර සිට අරඹපු පා ගමන - දහස් ගණනක් දළඳා මාළිගාවට එකතුවෙයි
01:31
Video thumbnail
හරියට කරනවනම් කරපල්ලා..නැත්තම් දාලා පලයල්ලා - අනුරලා රජ වෙන්න ඉස්සර අරිහත් ධජයේ හැංඟිලා හිටියේ
09:57
Video thumbnail
මෛත්‍රී ගුණරත්න ආණ්ඩුවට දෙහි ක#පයි - සදාචාරයට පටහැනි දේවල් මේ ජනපති කරන්නේ
04:07