නානුඔය මාරක අනතුරින් මිය ගිය එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු අද

නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී ඊයේ (20) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන්ගේ අවසන් කටයුතු හැටන් – දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුරින් මිය ගිය පුද්ගලයින් සිහිකරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා ඇති බව සඳහන්.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අතර, ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටිනවා.

ඔවුන් වයස අවුරුදු 13 පිරිමි දරුවෙක් සහ 12 සහ 08 යන වයස්වල පසුවන ගැහැණු දැරියන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් සිව්දෙනා 26 සහ 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?