නානුඔය මාරක අනතුරින් මිය ගිය එකම පවුලේ පස්දෙනාගේ අවසන් කටයුතු අද

නුවරඑළිය, නානුඔය – රදැල්ල කෙටි මාර්ගයේ දී ඊයේ (20) පස්වරුවේ සිදුවූ මාරක රිය අනතුරෙන් ජීවිතක්ෂයට පත් එකම පවුලේ ඥාතීන් පස්දෙනාගේ අවසන් කටයුතු අද (21) පස්වරුවේ සිදු කිරීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව ඔවුන්ගේ අවසන් කටයුතු හැටන් – දික්ඔය ජුම්මා මුස්ලිම් පල්ලියේ සුසාන භූමියේදී සිදුකිරීමට නියමිත බවයි වාර්තා වන්නේ.

මේ අතර අනතුරින් මිය ගිය පුද්ගලයින් සිහිකරමින් දික්ඔය නගරයේ සියලුම වෙළෙඳසැල්වල සුදු කොඩි ඔසවා ඇති බව සඳහන්.

මෙම අනතුරින් පුද්ගලයින් 07 දෙනෙකු මියගිය අතර, ඒ අතර කුඩා ළමුන් තිදෙනෙකු ද සිටිනවා.

ඔවුන් වයස අවුරුදු 13 පිරිමි දරුවෙක් සහ 12 සහ 08 යන වයස්වල පසුවන ගැහැණු දැරියන් දෙදෙනෙක් බවයි පොලිසිය සඳහන් කළේ.

අනෙක් සිව්දෙනා 26 සහ 27 යන වයස්වල පසුවන පිරිමි පුද්ගලයින් තිදෙනෙක් සහ 43 හැවිරිදි වියේ පසුවන කාන්තාවක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
චාමර සම්පත්ව ඇ#දගෙන ගිහින් එළියට දැම්ම හැටි - ඔබ නොදුටු දර්ශන
02:10
Video thumbnail
සාමකාමි විරෝධතාවට මුහුණ දෙන්න බැරිව ජනපති අනුර හැංඟිලා..කඳුළු ගෑස් ගහන්න ගියේ අපිට - මේවා පුරුදුයි
05:28
Video thumbnail
කළුතරම සලිත කරමින් කළුගඟ ඉවුරෙන් හමුවූ අභිරහස් සිරුර..ඉන ප්‍රදේශයෙන් ඉහළ කොටස නෑ
00:55
Video thumbnail
ඔය තමුසේ ටෝක් අපිත් එක්ක එපා - පැලවත්තට ගිහින් දෙන්න
12:05
Video thumbnail
සුගීශ්වර ඇතුළු සෙට් එක ජනාධිපති ලේකම් කාර්යාලය වටලයි
12:19
Video thumbnail
හෑවගේ කියලා කවුරුත් නෑ - අපහාස කරන එක නවත්වන්න
04:42
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව ගැන සජිත් කිව්ව දේ..
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.05.20
02:01:54
Video thumbnail
චාමරව සම්පත්ව පාර්ලිමේන්තුවෙන් දොට්ට දායි - ඔය අහිංසක මිනිහාව අවුස්සන්න එපා
12:21
Video thumbnail
සජිත් රණවිරුවන්ට පුෂ්පෝපහාර දක්වයි
02:34