නළ ළිං කුහරයකට වැටුණු අවුරුදු 03ක දරුවෙක් මුදාගැනීමේ මෙහෙයුමක්

නළ ළිං කුහරයකට වැටී ඒ තුළ සිරවී සිටින වයස අවුරුදු 03ක කුඩා දරුවෙක් මුදවා ගැනීමට මේ වනවිට මෙහෙයුමක් ආරම්භ කර ඇති බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

ඉන්දියාවේ බිහාර් ප්‍රාන්තයේ නාලන්දා හි කුල් ගම්මානයේ ජීවත් වූ දරුවෙක් මෙලෙස නළ ළිං කුහරයකට වැටී ඇති බවයි වාර්තා වන්නේ.

ශිවම් කුමාර් නැමැති මෙම දරුවා තවත් දරුවන් පිරිසක් සමඟ සෙල්ලම් කරමින් සිටිය දී කලකට පෙර හාරා තිබූ අනාරක්ෂිත නළ ළිං කුහරයකට මෙලෙස ඇද වැටී තිබෙනවා.

එම අවස්ථාවේ දරුවා සමඟ සෙල්ලම් කරමින් සිටි අනෙක් ළමුන් සිද්ධිය පිළිබඳව දරුවාගේ මව්පියන් දැනුවත් කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඉන් අනතුරුව දරුවා මුදාගැනීමේ මෙහෙයුම් ආරම්භ කර ඇති අතර, මේ මොහොත වනවිටත් එම මෙහෙයුම් ක්‍රියාත්මකයි.

මෙහෙයුමට සම්බන්ධ වී සිටින මුදවාගැනීමේ නිලධාරී පැවසුවේ දරුවා තවමත් ජීවතුන් අතර සිටින බවත්, ඔහුගේ කට හඬ ඔවුන්ට ඇසෙන බවයි.

ප්‍රදේශයේ ගොවියෙකු විසින් හාරා ඇති මෙම නළ ළිඳ භාවිතයට ගැනීමෙන් පසුව අතහැර දමා ඇති අතර, එය වසා දැමීමට ඔහු කටයුතු කර නැහැ.

මෙවැනි ආකාරයේ අනාරක්ෂිත නළ ළිං තුළ සිරවීමෙන් ඉන්දියාවේ කුඩා දරුවන් කිහිප දෙනෙක්ම ජීවිතක්ෂයට පත් වූ සිදුවීම් පසුගිය කාලයේ වාර්තා වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
4
+1
0
+1
1
+1
11
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සැකකටයුතු පුද්ගලයක් දෙයක් ගැන චකිතයක් තිබ්බොත් අනිවාර්යෙන්ම පොලිසියට කියන්න
02:39
Video thumbnail
මාලිමා මන්ත්‍රී නිසා අමාරුවේ වැටුණු අනුරාධපුර ගොවීන්
10:29
Video thumbnail
උඹලා මේකට ඇවිත් හයර් ටික උස්සපුවම අපි මොනවද ගන්නේ..හයර් නිසා ඇල්ලේ ත්‍රීවීල් සෙට් එක රත්වෙයි
12:31
Video thumbnail
කෙහෙළියට වුණ දේ නලින්දටත් වෙයි
03:16
Video thumbnail
නාමල් ආපදාවලින් අසරණ වූ ළමයින්ට පොත්පත් බෙදා දෙන්න යයි."ආණ්ඩුව තාම සහන දෙන විදිය අධ්‍යයනය කරනවා"
04:13
Video thumbnail
චණ්ඩ වූ කාළගුණයෙන් පසු කඩුගන්නාවේ නවතම තත්ත්වය..කොච්චර ලස්සනට තිබ්බ තැන්ද මේ
01:05
Video thumbnail
ජනාධිපතිතුමා දීපු පොරොන්දුව බොරුවක්..?
02:20
Video thumbnail
දෙවියනේ..සෝමාවතිය පුදබිමට වෙලා තියෙන දෙයක්
00:33
Video thumbnail
සමන්තයි,සංචාරක නි.ඇමතියි සුද්දෝ එක්ක දැම්ම සුපිරි ඩාන්ස් එක
00:33
Video thumbnail
මළ ගෙදර දී නාමල් වටකරගෙන කොල්ලෝ කෙල්ලෝ සෙල්ෆි ගනී
01:56


?