AFC Banner
Empty Ad
Empty Ad

නව ව්‍යවස්ථාව ගැන අලි සබ්‍රිගෙන් හෙළිදරව්වක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත්කර සිටින විශේෂඥ කමිටුව මගින් නව ව්‍යවස්ථාවට අදාළ මූලික කෙටුම්පත ලබන මස අවසානයට පෙරාතුව භාරදීමට නියමිතව ඇතැයි අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පැවසීය.

ඒ අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර අවසන් වීමට පෙර ගෙන ඒමට හැකි වෙතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව යල්පැන ගොස් ඇති අපරාධ, සිවිල් හා වාණිජ්‍ය නීති සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටු පත්කර ඇතැයි ද ඒ අනුව විවිධ ක්ෂේත්‍රවලට අදාළ පනත් සියයක් පමණ සංශෝධනය කිරීමට ඒ ඒ කමිටු සමාලෝචනය කරමින් සිටින බවද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ ය.

මේ වනවිට ඇතැම් සුළු සුළු නීති සංශෝධන කැබිනට් මණ්ඩලය හරහා සිදුවන බවද අලි සබ්‍රි මහතා කීය. මෙම නීති සංශෝධනය දෙයාකාරයකට සිදුවන බවත් ඇතැම් සංශෝධන කැබිනට් මණ්ඩලයෙන් ද ඇතැම් සංශෝධන පාර්ලිමේන්තුව හරහා ද සිදුවන බව ද ඒ මහතා පැවසීය.

කේ.එල්. සුරවීර

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?