නව ව්‍යවස්ථාව ගැන අලි සබ්‍රිගෙන් හෙළිදරව්වක්

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සඳහා පත්කර සිටින විශේෂඥ කමිටුව මගින් නව ව්‍යවස්ථාවට අදාළ මූලික කෙටුම්පත ලබන මස අවසානයට පෙරාතුව භාරදීමට නියමිතව ඇතැයි අධිකරණ ඇමැති අලි සබ්‍රි මහතා පැවසීය.

ඒ අනුව, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මෙම වසර අවසන් වීමට පෙර ගෙන ඒමට හැකි වෙතැයි ද ඒ මහතා කීය.

මීට අමතරව යල්පැන ගොස් ඇති අපරාධ, සිවිල් හා වාණිජ්‍ය නීති සංශෝධනය කිරීම සඳහා විශේෂඥ කමිටු පත්කර ඇතැයි ද ඒ අනුව විවිධ ක්ෂේත්‍රවලට අදාළ පනත් සියයක් පමණ සංශෝධනය කිරීමට ඒ ඒ කමිටු සමාලෝචනය කරමින් සිටින බවද අධිකරණ ඇමැතිවරයා කියා සිටියේ ය.

මේ වනවිට ඇතැම් සුළු සුළු නීති සංශෝධන කැබිනට් මණ්ඩලය හරහා සිදුවන බවද අලි සබ්‍රි මහතා කීය. මෙම නීති සංශෝධනය දෙයාකාරයකට සිදුවන බවත් ඇතැම් සංශෝධන කැබිනට් මණ්ඩලයෙන් ද ඇතැම් සංශෝධන පාර්ලිමේන්තුව හරහා ද සිදුවන බව ද ඒ මහතා පැවසීය.

කේ.එල්. සුරවීර



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44