නව පොලිස්පති පත් කිරීම ලබන 24න් පසුව

මෙරට නව පොලිස්පතිවරයා පත් කිරීම ලබන 24 වෙනිදායින් පසු සිදු කිරීමට නියමිතයි.

පොලිස්පති ධුරය ජනාධිපතිවරයා විසින් පත් කරනු ලබන අතර, එය දැනට අර්බුදයක් බවට පත්ව ඇත්තේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව වත්මන් පොලිස්පතිවරයාට සේවා දිගු ලබාදීම හේතුවෙන්.

වර්තමාන පොලිස්පති ධුරය හොබවන සී.ඩී වික්‍රමරත්න මේ වන විට ධුරයේ කටයුතු කරනු ලබන්නේ සිව්වන සේවා දිගුව යටතේයි.

ඔහුගේ අවසන් සේවා දිගුව ලබන 24 වැනිදායින් අවසන් වන්නේ මෙරට 36වන පොලිස්පතිවරයා පත් කළ යුතු පසුබිමකයි.

වර්තමාන පොලිස්පතිවරයාගේ සේවා දිගු සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතිය නොලැබීම හේතුවෙන් පොලිස්පති ධුරයේ වලංගුභාවය සම්බන්ධයෙන් ද මේ වන විට ප්‍රශ්න සහගත තත්ත්වයක් නිර්මාණය වී තිබෙනවා.

කෙසේ වෙතත් මෙම සේවා දිගුව අවසන් වීමෙන් පසු වත්මන් පොලිස්පති සී.ඩී. ට යළි සේවා දිගුවක් ලබා දෙන්නේ ද, නැද්ද යන්න, සම්බන්ධයෙන් මේ දක්වා අවසන් තීරණයක් ගෙන නැහැ.

පොලිස්පති ධුරය සඳහා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් කිහිප දෙනෙකු සුදුසුකම් ලබා සිටිය ද මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා විසින් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ නම මීළඟ පොලිස්පති ධුරය සඳහා නම් කිරීම හේතුවෙන් තවත් අර්බුදයක් නිර්මාණය වී ඇති බවයි වාර්තා වන්නේ.

ඒ චෝදනා කිහිපයක්ම එල්ල වී ඇති දේශබන්ධු තෙන්නකෝන් මහතා පොලිස්පතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ අකමැත්ත පළ කිරීම මතයි.

මෙවන් පසුබිමක ශ්‍රී ලංකා නීතිඥ සංගමය පවසන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ අනුමැතියකින් තොරව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්නට සේවා දිගු ලබාදීමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳ ව සලකා බලන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21