නව පොලිස්පතිවරයා යුද හමුදා මූලස්ථානයට – යුද හමුදාධිපති අතර හමුවක් (ඡායාරූප)

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඊයේ (12) යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවුණා.

යුද හමුදා මූලස්ථානයේදී මෙම හමුව සිදු වූ බවයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොලිස්පතිවරයා සිය රාජකාරිය ඇරඹීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි පොලිස්පතිවරයා, යුද හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබුවා.

පසුව, යුද හමුදාධිපති විසින් පොලිස්පතිවරයා පිළිගනු ලැබූ අතර, එහිදී යුද හමුදාධිපති විසින් පොලිස්පති වෙත ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දුන්නා.

යුද හමුදාධිපති සහ පොලිස්පති අතර පැවැති සුහඳ සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධාණය යොමු කරනු ලැබුවා.

සුහද හමුව අවසානයේ යුද හමුදාධිපති විසින් නව පොලිස්පතිවරයාගේ ඉදිරි රාජකාරී කටයුතු සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක්කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්, නලින් හඳුන්ගොඩගේ දේහයට අවසන් ගෞරව දක්වන්න එයි..නාමල් සංවේදි වෙයි
02:09
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?