නව පොලිස්පතිවරයා යුද හමුදා මූලස්ථානයට – යුද හමුදාධිපති අතර හමුවක් (ඡායාරූප)

නව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඊයේ (12) යුද හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ හමුවුණා.

යුද හමුදා මූලස්ථානයේදී මෙම හමුව සිදු වූ බවයි ශ්‍රී ලංකා යුද හමුදා මාධ්‍ය අංශය සඳහන් කළේ.

පොලිස්පතිවරයා සිය රාජකාරිය ඇරඹීමෙන් පසු යුද හමුදා මූලස්ථානයේ නිල සංචාරයක නිරතවූ ප්‍රථම අවස්ථාව මෙය වනවා.

යුද හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත පැමිණි පොලිස්පතිවරයා, යුද හමුදා විධායක ජෙනරාල්, මේජර් ජෙනරල් ටිරල් ද සිල්වා විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් පසුව හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිරිනමනු ලැබුවා.

පසුව, යුද හමුදාධිපති විසින් පොලිස්පතිවරයා පිළිගනු ලැබූ අතර, එහිදී යුද හමුදාධිපති විසින් පොලිස්පති වෙත ප්‍රධාන මාණ්ඩලික නිලධාරින් හඳුන්වා දුන්නා.

යුද හමුදාධිපති සහ පොලිස්පති අතර පැවැති සුහඳ සාකච්ඡාවේදී අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන කරුණු පිළිබද අවධාණය යොමු කරනු ලැබුවා.

සුහද හමුව අවසානයේ යුද හමුදාධිපති විසින් නව පොලිස්පතිවරයාගේ ඉදිරි රාජකාරී කටයුතු සාර්ථකව කරගෙන යාමට සුබ පැතුම් එක්කර සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40
Video thumbnail
හිර ගෙවල් දහසක දැම්මත් යුතුකම දිවි හිමියෙන් ඉටු කරනවා - විමල් සැරවෙයි
02:04
Video thumbnail
2018 වස‍රෙත් ඥානසාර හිමි දඬුවම වින්දේ සිර ඇඳුමෙන්
08:02
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36