නව පාප් වහන්සේ තෝරාපත් කරගැනීමේ මැතිවරණයේ කැපී පෙනෙන කාදිනල්වරුන් ගැන විදෙස් මාධ්‍යයෙන් සටහනක්

267 වැනි පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දෙවැනි දිනය ද අද නිමාවට පත් වූයේ අසාර්ථක වීමෙන්.

ඒ අද (08) දිනයේ දී ද සිස්ටයින් දෙව් මැඳුරේ චිමිනියෙන් නිකුත් වූයේ කළු දුමාරයක් වීම හේතුවෙන් බවයි බීබීසී පුවත් සේවය සිදු කරන සජීවී යාවත්කාලීන කිරීම්වල දැක්වෙන්නේ.

ඒ කෙසේවෙතත් බීබීසී පුවත් සේවය විසින් මේ වනවිට නව පාප් වහන්සේ කෙනෙක් තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ ඉදිරියෙන් ම සිටිනවා යැයි පැවසෙන පාප්වරුන් සිව්දෙනෙකුගේ ඡායාරූපයන් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කතෝලික පල්ලියට නායකත්වය දීම සඳහා ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයින් ලෙස බොහෝ අපේක්ෂකයින් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

එබැවින් මෙම මැතිවරණයේ ප්‍රමුඛ තරගකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ කෙටි විස්තරයක් බීබීසී මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා.

  1. කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (Cardinal Pietro Parolin)

කාදිනල් පියෙට්‍රෝ පැරොලින් හිමියන් යනු ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ වතිකානු රාජ්‍ය ලේකම්වරයා වුණා.

ඔහු පාප්තුමාගේ ප්‍රධාන උපදේශකයා යි.

  1. කාදිනල් පීටර් කොඩ්වෝ අප්පියා ටර්ක්සන් (Peter Kodwo Appiah Turkson)

2003 දී දෙවන ජෝන් පෝල් පාප් වහන්සේ යටතේ කාදිනල්වරයෙකු ලෙස පත් කරන ලද පළමු ඝානා ජාතිකයා වන්නේ පීටර් කොඩ්වෝ අප්පියා ටර්ක්සන් යි.

2013 ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග තරග කරන අවස්ථාවේදී ද Peter Kodwo Appiah Turkson ජයග්‍රහණය කරන බවට අනාවැකි පළ කරන්නන් විශ්වාස කෙරුණ ද, එම රහස් ඡන්දයේ දී ජය හිමිවූයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට යි.

  1. කාදිනල් ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු (Fridolin Ambongo Besungu)

කාදිනල් ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු තවත් ප්‍රමුඛ අපේක්ෂකයෙක්. ඔහු වසර හතක් කිංෂාසා අගරදගුරු පදවිය දැරූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් (DRC) පැමිණි විශිෂ්ට ආගමික නායකයෙකු ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

  1. කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ගොකිම් ටැග්ල් (Luis Antonio Gokim Tagle)

කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ගොකිම් ටැග්ල් පිලිපීන ජාතිකයෙකු වනවා.

ජනගහනයෙන් 80% ක් පමණ කතෝලිකයන් වන පිලිපීනයේ ඔහු දැඩි බලවතෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

  1. කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් සහ ජෝසප් ටොබින් (Robert Prevost and Joseph Tobin)

කාදිනල්වරුන් වන රොබට් ප්‍රෙවොස්ට් සහ ජෝසප් ටොබින් ද ප්‍රසිද්ධ පාප් අනුප්‍රාප්තිකයින් ලෙස ජනප්‍රියත්වයක් උසුලනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙන් පැමිණි මොවුන් දෙදෙනාගෙන් අයෙක් තේරීපත් වුවහොත්, එය කතෝලික ඉතිහාසයේ අමෙරිකානුවෙක් පත් වූ පළමු අවස්ථාව වනු ඇති.

පාප් පදවිය භාර ගැනීමට සිටින ප්‍රමුඛ තරගකරුවන් අතරින් බීබීසී මාධ්‍ය වාර්තාවලට අනුව වැඩි අවධානයක් යොමු ව ඇති කාදිනල්වරුන් වන්නේ මොවුන් බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
4
+1
2
+1
4
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?