නව පාප් වහන්සේ තෝරාපත් කරගැනීමේ මැතිවරණයේ කැපී පෙනෙන කාදිනල්වරුන් ගැන විදෙස් මාධ්‍යයෙන් සටහනක්

267 වැනි පාප් වහන්සේ තෝරා පත් කර ගැනීමේ ඡන්ද විමසීමේ දෙවැනි දිනය ද අද නිමාවට පත් වූයේ අසාර්ථක වීමෙන්.

ඒ අද (08) දිනයේ දී ද සිස්ටයින් දෙව් මැඳුරේ චිමිනියෙන් නිකුත් වූයේ කළු දුමාරයක් වීම හේතුවෙන් බවයි බීබීසී පුවත් සේවය සිදු කරන සජීවී යාවත්කාලීන කිරීම්වල දැක්වෙන්නේ.

ඒ කෙසේවෙතත් බීබීසී පුවත් සේවය විසින් මේ වනවිට නව පාප් වහන්සේ කෙනෙක් තෝරාපත් කරගැනීමේ ඡන්ද විමසීමේ ඉදිරියෙන් ම සිටිනවා යැයි පැවසෙන පාප්වරුන් සිව්දෙනෙකුගේ ඡායාරූපයන් මාධ්‍ය වෙත මුදා හැර තිබෙනවා.

එහි දැක්වෙන්නේ කතෝලික පල්ලියට නායකත්වය දීම සඳහා ෆ්‍රැන්සිස් පාප්තුමාගේ අනුප්‍රාප්තිකයින් ලෙස බොහෝ අපේක්ෂකයින් ප්‍රචාරය වෙමින් පවතින බවයි.

එබැවින් මෙම මැතිවරණයේ ප්‍රමුඛ තරගකරුවන් කිහිප දෙනෙකු පිළිබඳ කෙටි විස්තරයක් බීබීසී මාධ්‍ය විසින් වාර්තා කරනු ලැබුවා.

  1. කාදිනල් පියෙට්‍රෝ පැරොලින් (Cardinal Pietro Parolin)

කාදිනල් පියෙට්‍රෝ පැරොලින් හිමියන් යනු ස්වර්ගස්ථ වූ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ යටතේ වතිකානු රාජ්‍ය ලේකම්වරයා වුණා.

ඔහු පාප්තුමාගේ ප්‍රධාන උපදේශකයා යි.

  1. කාදිනල් පීටර් කොඩ්වෝ අප්පියා ටර්ක්සන් (Peter Kodwo Appiah Turkson)

2003 දී දෙවන ජෝන් පෝල් පාප් වහන්සේ යටතේ කාදිනල්වරයෙකු ලෙස පත් කරන ලද පළමු ඝානා ජාතිකයා වන්නේ පීටර් කොඩ්වෝ අප්පියා ටර්ක්සන් යි.

2013 ෆ්‍රැන්සිස් පාප් වහන්සේ සමග තරග කරන අවස්ථාවේදී ද Peter Kodwo Appiah Turkson ජයග්‍රහණය කරන බවට අනාවැකි පළ කරන්නන් විශ්වාස කෙරුණ ද, එම රහස් ඡන්දයේ දී ජය හිමිවූයේ ෆ්‍රැන්සිස් පාප් වහන්සේ හට යි.

  1. කාදිනල් ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු (Fridolin Ambongo Besungu)

කාදිනල් ෆ්‍රිඩොලින් අම්බොන්ගෝ බෙසුන්ගු තවත් ප්‍රමුඛ අපේක්ෂකයෙක්. ඔහු වසර හතක් කිංෂාසා අගරදගුරු පදවිය දැරූ කොංගෝ ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයෙන් (DRC) පැමිණි විශිෂ්ට ආගමික නායකයෙකු ලෙසයි ප්‍රසිද්ධියක් උසුලන්නේ.

  1. කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ගොකිම් ටැග්ල් (Luis Antonio Gokim Tagle)

කාදිනල් ලුයිස් ඇන්ටෝනියෝ ගොකිම් ටැග්ල් පිලිපීන ජාතිකයෙකු වනවා.

ජනගහනයෙන් 80% ක් පමණ කතෝලිකයන් වන පිලිපීනයේ ඔහු දැඩි බලවතෙකු ලෙසයි පිළිගැනෙන්නේ.

  1. කාදිනල් රොබට් ප්‍රෙවොස්ට් සහ ජෝසප් ටොබින් (Robert Prevost and Joseph Tobin)

කාදිනල්වරුන් වන රොබට් ප්‍රෙවොස්ට් සහ ජෝසප් ටොබින් ද ප්‍රසිද්ධ පාප් අනුප්‍රාප්තිකයින් ලෙස ජනප්‍රියත්වයක් උසුලනවා.

අමෙරිකා එක්සත් ජනපදයෙන් පැමිණි මොවුන් දෙදෙනාගෙන් අයෙක් තේරීපත් වුවහොත්, එය කතෝලික ඉතිහාසයේ අමෙරිකානුවෙක් පත් වූ පළමු අවස්ථාව වනු ඇති.

පාප් පදවිය භාර ගැනීමට සිටින ප්‍රමුඛ තරගකරුවන් අතරින් බීබීසී මාධ්‍ය වාර්තාවලට අනුව වැඩි අවධානයක් යොමු ව ඇති කාදිනල්වරුන් වන්නේ මොවුන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇමති වසන්ත හමුවූ සුවිශේෂි අමුත්තා
01:10
Video thumbnail
වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව
01:06
Video thumbnail
තම වගාවන් විනාශවීම ගැන ගොවියෙක් මාධ්‍යට කියූ සංවේදී කතාව - දරුවොයි මමයි මහන්සිවෙලා හදාගත්තුවා
02:26
Video thumbnail
චීන මහජන ජනරජයේ තානාපති සහ ඇමති වසන්ත අතර විශේෂ සාකච්ඡාවක්
02:35
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00