AFC Banner
AFC Banner
Empty Ad

නව ගුවන් හමුදාපතිවරයා සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු වුණා.

එයාර් මාර්ෂල් එදිරිසිංහ ගුවන් හමුදාපති ධුරයට පත්වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ සිදුකළ පළමු නිල හමුව මෙය වනවා.

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව තමා නිහතමානී ලෙස ආඩම්බර වන බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ උපාය මාර්ගික සූදානම ශක්තිමත් කිරීමට තමා කැපවීමෙන් කටයුතු කරන බවත්, එයාර් මාර්ෂල් එදිරිසිංහ මෙම හමුවේදී අවධාරණය කළා.

ජාතික ආරක්‍ෂාව, ආපදා ප්‍රතිචාර සහ තාක්‍ෂණික දියුණුව සඳහා ගුවන් හමුදාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වූ ඔහුගේ දැක්ම ද ගුවන් හමුදාපතිවරයා මෙහිදී ඉස්මතු කර සිටියා.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව ගුවන් හමුදාපතිවරයා වෙත සිය සුභාශිංසන පළ කළ අතර, ජාතියේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා ගුවන් හමුදාවේ අඛණ්ඩ දායකත්වය අගය කළා.

ත්‍රිවිධ හමුදාවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගුවන් හමුදාවේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශයේ සහාය සහතික කර සිටියා.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් මෙම හමුවේ දී සිදුවුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?