නව ගුවන් හමුදාපතිවරයා සහ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා අතර හමුවක්

නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ ඊයේ (03) නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍ය විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර කොළඹ පිහිටි ඔහුගේ කාර්යාලයේදී හමු වුණා.

එයාර් මාර්ෂල් එදිරිසිංහ ගුවන් හමුදාපති ධුරයට පත්වීමෙන් පසු නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා සමඟ සිදුකළ පළමු නිල හමුව මෙය වනවා.

ගුවන් හමුදාපතිවරයා ලෙස කටයුතු කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳව තමා නිහතමානී ලෙස ආඩම්බර වන බවත්, ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මෙහෙයුම් හැකියාවන් සහ උපාය මාර්ගික සූදානම ශක්තිමත් කිරීමට තමා කැපවීමෙන් කටයුතු කරන බවත්, එයාර් මාර්ෂල් එදිරිසිංහ මෙම හමුවේදී අවධාරණය කළා.

ජාතික ආරක්‍ෂාව, ආපදා ප්‍රතිචාර සහ තාක්‍ෂණික දියුණුව සඳහා ගුවන් හමුදාවේ කාර්යභාරය වැඩි දියුණු කිරීම සඳහා වූ ඔහුගේ දැක්ම ද ගුවන් හමුදාපතිවරයා මෙහිදී ඉස්මතු කර සිටියා.

නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා නව ගුවන් හමුදාපතිවරයා වෙත සිය සුභාශිංසන පළ කළ අතර, ජාතියේ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම සඳහා ගුවන් හමුදාවේ අඛණ්ඩ දායකත්වය අගය කළා.

ත්‍රිවිධ හමුදාවන් අතර සහයෝගීතාවයේ වැදගත්කම මෙහිදී අවධාරණය කළ නියෝජ්‍ය ආරක්‍ෂක අමාත්‍යවරයා ගුවන් හමුදාවේ අරමුණු ඉදිරියට ගෙන යාම සඳහා අමාත්‍යාංශයේ සහාය සහතික කර සිටියා.

ආරක්‍ෂක අමාත්‍යාංශය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර ශක්තිමත් හවුල්කාරිත්වය සංකේතවත් කරමින් සමරු තිළිණ හුවමාරුවක් මෙම හමුවේ දී සිදුවුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල් රාජපක්ෂ අධිකරණයට රැගෙන ආ අයුරු මෙන්න - වැඳගෙනම බස් එකෙන් බහින හැටි
00:28
Video thumbnail
නාමල් රාජපක්ෂට, මහින්දට සෙත් පතා බෝධි පූජාවක් - නෙළුම් මල් 1000ක් පූජා කරයි
01:47
Video thumbnail
මහින්දලා කරන වැඩනේ මේ - අනුරට කරගෙන යන්න දෙන්න ඕනි..දුම්රිය වර්ජනයට මහින්දට චෝදනා
02:28
Video thumbnail
වෙ# පත්තුවූ දෙමටගොඩ කළු පාලම යට මහේස්ත්‍රාත් පරීක්ෂාව සිදු කරන අයුරු
01:07
Video thumbnail
දුම්රිය වර්ජනය ගැන ජනතාවගේ අදහස - "ටිකට් නැතුව යන් මහත්තයෝ කමක්නෑ "
04:01
Video thumbnail
මාර්ගයෙන් ඉවතට පැන කුඹුරකට වැටුණු වෑන් රථය - රියදුරුට නින්ද ගිහින් වෙච්ච දෙයක්
00:32
Video thumbnail
පානදුර කුඩු සළිඳුගේ අනුගාමික යුවලක් හෙරොයින් සමඟ කොටුවෙයි - ලක්ෂ 63ක මුදලකුත් මාට්ටු
00:39
Video thumbnail
දෙහිවල බෝම්බය ග#න්න ආ සෙට් එක නැවතුම ලැගුම් හල - CCTV දර්ශන එළියට එයි
01:34
Video thumbnail
ගුරු මෑණියන්ගේ සිහිනය සැබෑ කරන්න විදුමව් තුරුලට පැමිණි දරුවෝ
03:43
Video thumbnail
සර් සර් විනාඩියක්
00:46