AFC Banner
AFC Banner
Empty Ad

නව කතානායක තෝරා පත්කර ගැනීම අද – රංවලට ඉහළ මන්ත්‍රී අසුනක්

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වන කතානායකවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙරට 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ලෙස තෝරා පත්කරගත් අශෝක රංවල එම තනතුරින් ඉල්ලා අස්වුණා.

ඒ, හේතුවෙන් පාර්ලිමේන්තුවට නව කතානායකවරයෙක් අද (17) දිනයේ තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

එම තනතුර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න යෝජනා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර කතානායක තනතුර වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් නමක් ද යෝජනා කිරීමට නියමිතව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ නම ඒ සඳහා යෝජනා කිරීමට සූදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එලෙස නම් කිහිපයක් කතානායක තනතුර වෙනුවෙන් යෝජනා වුවහොත් නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට සිදු වනවා.

මේ අතර කතානායක තනතුරින් ඉල්ලා අස් වූ අශෝක රංවලට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අසුනක් හිමිවන බවට තොරතුරු වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
5
+1
1
+1
0
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?