නව කතානායක තෝරා පත්කර ගැනීම අද – රංවලට ඉහළ මන්ත්‍රී අසුනක්

නියෝජ්‍ය කතානායක වෛද්‍ය රිස්වි සාලිගේ ප්‍රධානත්වයෙන් අද (17) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතයි.

මෙහිදී ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 28 වන කතානායකවරයා තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

මෙරට 10 වන පාර්ලිමේන්තුව ආරම්භයේ දී කතානායකවරයා ලෙස තෝරා පත්කරගත් අශෝක රංවල එම තනතුරින් ඉල්ලා අස්වුණා.

ඒ, හේතුවෙන් පාර්ලිමේන්තුවට නව කතානායකවරයෙක් අද (17) දිනයේ තෝරා පත්කර ගැනීමට නියමිතව තිබෙනවා.

එම තනතුර වෙනුවෙන් ආණ්ඩු පක්ෂයෙන් ජාතික ජන බලවේගයේ පොළොන්නරු දිස්ත්‍රික් මන්ත්‍රී වෛද්‍ය ජගත් වික්‍රමරත්න යෝජනා කිරීමට නියමිත බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

මේ අතර කතානායක තනතුර වෙනුවෙන් විපක්ෂය නියෝජනය කරමින් සමගි ජන බලවේගයෙන් නමක් ද යෝජනා කිරීමට නියමිතව ඇති බව තොරතුරු වාර්තා වනවා.

ඒ, අනුව සමගි ජන බලවේගයේ රෝහිනී කුමාරි විජේරත්න මන්ත්‍රීවරියගේ නම ඒ සඳහා යෝජනා කිරීමට සූදානම් බවයි දේශපාලන ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කර සිටියේ.

එලෙස නම් කිහිපයක් කතානායක තනතුර වෙනුවෙන් යෝජනා වුවහොත් නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ ඡන්දයක් පැවැත්වීමට සිදු වනවා.

මේ අතර කතානායක තනතුරින් ඉල්ලා අස් වූ අශෝක රංවලට පාර්ලිමේන්තුවේ ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අසුනක් හිමිවන බවට තොරතුරු වාර්තා වනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වත්තක බාගෙට කැපු වළකින් හමුවූ නිසල සිරුර - දිවුලපිටිය සලිත කළ අභිරහස් එළොව යෑම
01:02
Video thumbnail
අද දිනයේ බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි
05:36
Video thumbnail
පැටියාට මාසයයි - වැස්සිව හොරු අරන් ගිහින් - ඇල්ලුවොත් හරක් හොරා මානව හිමිකම් යයිලු
06:06
Video thumbnail
කහටගස්දිගිලියේ ජනපතිගේ ජන රැළියේ සූදානම - සුන්බුන් එකතු කරලා ජාතියේ නාඩගමක් නැටුවේ
02:40
Video thumbnail
පොලිස් අණ නොතැකූ වෑන් රථයට පොලිසියෙන් වෙ# - "ජීප් එක හරස් කරා අරූ අයිනෙන් යන්න ගියා"
02:56
Video thumbnail
ජගත්ට යකා වැහෙයි..සංජයගෙයි, නිරුක්ෂගෙයි පැටිකිරිය හෙළිකරයි - මුන් මේ හොරු ටිකක් - රෙදි ග#වනවා මුන්ගේ
04:36
Video thumbnail
පොහොට්ටු රැළිය ගැන නලින්ද සැරටම කියයි - අපිට මේ රැස්වීම අභියෝගයක් වෙන්නේ නෑ
02:58
Video thumbnail
රත්නපුරයේ ප්‍රථම ආරෝග්‍යා සුවතා මධ්‍යස්ථානයට මුල්ගල තියන්න ගිය නලින්ද
04:29
Video thumbnail
භූමිතෙල් දාලා ධාවනය කළ බස් රථ රියදුරන් දෙදෙනෙකු පොලිසියෙන් කුදලන් එයි
00:33
Video thumbnail
දෙහිවල බෝ#බ ප්‍ර#හාරයෙන් අවසන් ගමන් ගිය පුංචි පුතුන් දෙදෙනාගේ දේහය නිවසට
02:53