AFC Banner
AFC Banner
Empty Ad

නවාතැන්පොළකට වෙඩි වරුසාවක් – තිදෙනෙකු එතනම මරුට

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ හිනිඳුම පොලිස් වසමේ මහාබෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොළකට බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නවාතැන්පොළේ හිමිකරු ඇතුළු දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් වෙඩිල්ලට ලක් වූ තිදෙනා ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ නවාතැන්පොළේ හිමිකරු වූ 55 හැවිරිදි පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ සෙසු දෙදෙනා අම්බලන්ගොඩ හා හිනිඳුම ප්‍රදේශවල පදිංචිකරුවන්.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?