නවාතැන්පොළකට වෙඩි වරුසාවක් – තිදෙනෙකු එතනම මරුට (වීඩියෝ)

ඊයේ (30) රාත්‍රියේ සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් තිදෙනෙකු එම ස්ථානයේ දී ම ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මෙම වෙඩි තැබීම සිදු ව ඇත්තේ හිනිඳුම පොලිස් වසමේ මහාබෝධිවත්ත ප්‍රදේශයේ නවාතැන්පොළකට බවයි.

යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනකු විසින් නවාතැන්පොළේ හිමිකරු ඇතුළු දෙදෙනකුට වෙඩි තබා පලා ගොස් තිබෙනවා.

එම වෙඩි තැබීමෙන් වෙඩිල්ලට ලක් වූ තිදෙනා ම ජීවිතක්ෂයට පත් ව ඇති බවයි පැවසෙන්නේ.

මෙලෙස මියගොස් ඇත්තේ නවාතැන්පොළේ හිමිකරු වූ 55 හැවිරිදි පනංගල ප්‍රදේශයේ පදිංචිකරුවෙක් සහ සෙසු දෙදෙනා අම්බලන්ගොඩ – බටපොළ හා හිනිඳුම ප්‍රදේශවල පදිංචිකරුවන්.

මොවුන්ට වෙඩි තබා ඇත්තේ T56 ගිනි අවියකින් බව ද වාර්තා වනවා.

වෙඩි තැබීමට හේතුව මෙතෙක් හෙළි වී නැහැ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40