විස්සයි විස්ස ලෝක කුසලානයේ පළමු අවසන් පූර්ව තරගය අද (04) රාත්‍රී 07.00ට ඉන්දියාවේ, කොල්කටා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.
ඒ අනුව අද පැවැත්වෙන තරගයෙන් ජයගන්නා කණ්ඩායම ලෝක කුසලානයේ අවසන් මහ තරගයට නිසැක වශයෙන් තේරී පත්වන අතර විශේෂත්වය නම් මෙම කණ්ඩායම් දෙකෙන් කිසිඳු කණ්ඩායමක් මෙතෙක් විස්සයි විස්ස ලෝක කුසලානයක් දිනාගෙන නැහැ.
කෙසේ වෙතත් දකුණු අප්‍රිකා කණ්ඩායම ගියවර 2024 වසරේ පැවති ලෝක කුසලානයේදී ද අවසන් මහා තරගයට තේරී පත්වුවත් ඉන්දියාවට සමඟ එම තරගය පරාජයට පත්වූ නිසා ඔවුන් අනුශුරයන් බවට පත්වුණා.
එමෙන්ම ලෝක කුසලානයේ දෙවන අවසන් පූර්ව තරගය හෙට (05) ඉන්දියාව සහ එංගලන්තය අතර පැවැත්වෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
+1
+1
+1
+1
+1



