නවගමුව පුරාණ මහා පත්තිනි දේවාලය විසින් වාර්ෂිකව පවත්වනු ලබන ඇසල මහා පෙරහැර, මෙවර හෙට (16) සහ අනිද්දා (17) දිනයන්වල යෙදී තිබෙනවා.
අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගයේ (ලෝ ලෙවල් මාර්ගයේ ) පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතයි.
හෙට රාත්‍රී 09.00 සිට පසු දින අලුයම 02.30 දක්වා රාත්‍රී පෙරහැරක්ද, අනිද්දා දිනයේ උදෑසන 06.00 සිට පස්වරු 02.00 දක්වා දිවා පෙරහැරක් ලෙසද මෙවර පෙරහැර මංගල්‍යය සංවිධානය වී තිබෙනවා.
ඒ අනුව හෙට සහ අනිද්දා දිනයන්හි පෙරහැර වීදි සංචාරය වන අවස්ථාවන්වලදී, අවිස්සාවේල්ල – කොළඹ පරණ මාර්ගය වෙලේ හන්දියෙන් සහ රණාල හන්දියෙන් වසා දමන බැවින්, විකල්ප මාර්ග භාවිත කරන ලෙසට පොලීසිය මහජනතාවට සහ රියදුරන්ට දැනුම් දෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1





