රාජ්‍ය සේවකයින්ගේ බදාදා නිවාඩුව සම්බන්ධ චක්‍රලේඛය නිකුත් කෙරේ

ඉන්ධන සංචිත පිරිමසා ගැනීම වෙනුවෙන් රජයේ කාර්යාල පවත්වාගෙන යෑම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා.

ඒ, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින්.

ඒ, අනුව රාජ්‍ය සේවකයින්ට සෑම සතියකම බදාදා දිනයේ දී ලබාදුන් නිවාඩුව හේතුවෙන් එම රාජකාරී කටයුතු සතියේ අඟහරුවාදා දිනට යොදාගත යුතු බවයි අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දෙන්නේ.

එමෙන්ම යම් නිලධාරියෙකු බදාදා දිනයේ සේවයේ යෙදවිය යුතු යැයි ආයතන ප්‍රධානියා විසින් තීරණය කරනු ලබන්නේ නම්, අදාළ නිලධරයන් සේවයට කැඳවීමට බාධාවක් නොවිය යුතු බවත් ඒ සඳහා නිවාඩු දින වැටුප්, අතිකාල හෝ හිලව් නිවාඩු ලබානොදිය යුතු බව ද එම චක්‍රලේඛය මඟින් දැනුම් දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
5
+1
3
+1
1
+1
1
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !