පාසල් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක්

උද්ගතව ඇති ලෝක ඉන්ධන අර්බුදය හමුවේ පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සම්බන්ධයෙන් උපදෙස් මාලාවක් නිකුත් කර තිබෙනවා.

ඒ, අනුව බලශක්තිය කළමනාකරණය කර ගනිමින් පාසල්වල දෛනික පරිපාලන කටයුතු හා ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය පවත්වාගෙන යාම සඳහා පහත උපදෙස් අනුව කටයුතු කරන ලෙසයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව පවසන්නේ.

  1. සියලු ම පාසල් සතියට දින හතරක් පමණක් පැවැත්වීමට තීරණය කර ඇති අතර, නැවත දැනුම් දෙන තෙක් සියලු ම බදාදා දිනයන් පාසල් නිවාඩු දිනයක් සේ සලකනු ලැබේ. සෑම සතියකම බදාදා දිනවල දී නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතු වල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම් / අභ්‍යාස / පුනරීක්ෂණ ආදිය සුදුසු පරිදි සිසුන් වෙත ලබාදීමට සියලුම විදුහල්පතිවරුන් කටයුතු කළ යුතුයි.
  2. පාසල්වල විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමා සහිත වීම නිසා පාසල මඟින් සංවිධානය කරන හෝ වෙනත් බාහිර ආයතන විසින් පාසල් තුල ක්‍රියාත්මක කෙරෙන වැඩසටහන් හෝ උත්සව සඳහා පාසල් පැවැත්වෙන කාලය යොදා නොගත යුතුය.
  3. පාසල් මඟින් පවත්වනු ලබන උත්සව හෝ වැඩසටහන් ඉන්ධන පරිභෝජනය අවම වන පරිදි පැවැත්වීමට විදුහල්පතිවරුන් කටයුතු කළ යුතු අතර, අධික ලෙස ඉන්ධන භාවිත වන රථ පෙළපාලි ආදිය පැවැත්වීම තාවකාලිකව අත්හිටුවනු ලැබේ.
  4. පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම හෝ ඉදිරි දිනවල දී යාමට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගී කරවීම නැවත දැනුම් දෙනතුරු තාවකාලීව අත්හිටවනු ලැබේ.

පවතින තත්ත්වය යහපත් වූ පසු පාසල් පවත්වා ගෙන යාම සම්බන්ධ වැඩිදුර උපදෙස් නිකුත් කිරීමට කටයුතු කරනු ලබන බවයි අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් නාලක කලුවැව සඳහන් කරන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඥානසාර හිමිට සමාව ඉල්ලා තිත්තගල්ලේ හිමිත් පාගමනට එක්වෙයි
05:36
Video thumbnail
අනෝජන්ගේ ජීවිතය බේරා ගැනීම ගැන සජිත් කිව්ව දේ - අපිට කළ හැකි උපරිමයෙන් අපි කළා
02:53
Video thumbnail
JVP කාඩර්වරුන්ගෙන් දිවුලපිටියේ රාජ්‍ය නිලධාරින්ට බලපෑම් ?ප්‍රබල කෙනෙක්ගේ කෝල් එකක් නිසා මේක කරලා ?
09:06
Video thumbnail
"හරි කැතයි මේක මාධ්‍යයට - ඕකද මාධ්‍ය සදාචාරය ?"..සජබ රංජිත්ට යකා නගියි
03:46
Video thumbnail
හදුන්නෙත්ති කරපු බ# වැඩේ - ගො# ඇමතියා, උත්තර දීපියව්
08:22
Video thumbnail
ජනාධිපති එකම සෙනඟ හැමතැනටම ඇදලා රැස්වීම් තියනවා - හොර නඩයට මම අභියෝග කරනවා
07:56
Video thumbnail
සංජීව මාධ්‍ය කැඳවලා ජනාධිපතිට ප්‍රසිද්ධියේ අභියෝග කරයි
03:48
Video thumbnail
ගේට්ටු කඩාගෙන ගේ මිදුලටම ආපු වන අලි
01:09
Video thumbnail
AKD පුස්.. මහින්දගේ මයිලක් තරම්වත් අනුර වටින්නේ නෑ
09:40
Video thumbnail
අනෝජන්ගේ මරණ දඬුවම අවලංගුයි - රටම බලා සිටි සුබ ආරංචිය මෙන්න
02:17