කෝටි එකහමාකට අධික මත්ද්‍රව්‍ය, ලොරියකින් ප්‍රවාහනය කළ අයෙක් මාට්ටු

රුපියල් එක් කෝටි හැත්තෑ ලක්ෂයක් වටිනා “කේරළ ගංජා” තොගයක් ලොරි රථයක් මගින් ප්‍රවාහනය කරමින් සිටියදී, එම ලොරි රථය සහ එහි රියැදුරුවරයා, අද (21) දහවල් මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඉන්දියාවේ සිට ධීවර බෝට්ටුවක් මගින් මීගමුව වෙරළ තීරයට ගෙන ආ මෙම ” කේරළ ගංජා ” තොගය , කුඩා ලොරි රථයක් මගින් කුරුණෑගල ප්‍රදේශය බලා ප්‍රවාහනය කරමින් සිටියදී, ලද බුද්ධි තොරතුරක් මත, මීගමුව, මහහුනුපිටිය ප්‍රදේශයේ දී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.

කිලෝ ග්‍රෑම් 85 ක් බරැති මෙම “කේරළ ගංජා” තොගය, පැකැට් 40 ක් තුළ අසුරා, ඒවා තවත් ගෝනි 02 ක් තුළ ද අසුරා සගවා ගෙන ප්‍රවාහනය කර ඇති බවයි මීගමුව සුරාබදු ස්ථානයේ නිලධාරීන් සඳහන් කළේ.

මෙම ලොරි රථය තුළ රියැදුරුවරයා පමණක් සිටි අතර , ඔහු 30 හැවිරිදි වියේ පසුවන පොළොන්නරුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

මේ පිළිබද වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම මත්ද්‍රව්‍ය තොගය සමග රියැදුරුවරයා 03/21 දින මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
වෙට්ටුමකඩ ප්‍රදේශයේ පුද්ගලයෙකු එළොව යැවූ සිද්ධියේ වෙ#ක්කරු අත්අඩංගුවට
01:09
Video thumbnail
රංග නිශාන්තගේ එළොව යෑම ගැන නඩු තීන්දුවට ආ SDIG මාධ්‍යයට කියපු දේ
02:14
Video thumbnail
සැවොම මවිත කරමින් ශබ්ද විකාශන යන්ත්‍රවලින් හමුවූ දේ..මෙරට නිෂ්පාදිත ටී - කටස් අවි 19ක්
01:46
Video thumbnail
ලංකාවේ දරුවන්ගෙන් පහෙන් එකකට මන්ද පෝෂණය - පාරිභෝගිකයින්ට ගන්න හැකි මිලක් තියෙන්න ඕනි
11:51
Video thumbnail
දීඝ දන්තු හස්තියාගේ දළ සහිත අස්ථි කොටස් වසර එකාහමාරකට පසු ගොඩ ගනියි
02:03
Video thumbnail
යෝෂිත රාජපක්ෂ අද නඩු විභාගයට ඇවිත් ගිය හැටි..හිනාවකුත් දාගෙන යන්නේ
01:42
Video thumbnail
ඉදිරියේ දී Strong එල්නිනෝ තත්ත්වයක්..කාලගුණයෙන් අනතුරු ඇගවීම්
08:40
Video thumbnail
විදේශගත ශ්‍රී ලාංකික මිතුරා තාම ආණ්ඩුවට හමුවෙලා නෑ..එවනවා කිව්ව ඩොලර් කෝ ?
03:06
Video thumbnail
අම්බිකා මන්ත්‍රීතුමිය බෙර දවුල් ගහලා වැසිකිළියට මුල්ගල තියන්නේ - මම දන්න ඉතිහාසයේ මෙහෙම වෙලා නෑ
02:16
Video thumbnail
මළ ගෙයක් අස්සේ මඟුල් ගෙවල් කන්නේ කොහොමද ? - අධිවේගි මාර්ගයේ ඇත්ත නැත්ත විමල් හෙළිකරයි
04:43