නවකවධය දුන් වයඹ විශ්වවිද්‍යාලයේ සිසුන් හතරක් රිමාන්ඩ්

කුලියාපිටිය වයඹ විශ්වවිද්‍යාලයේ දෙවැනි වසරේ සිසුවෙක්ට නවකවධය දී අතින් පයින් පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධව කුලියාපිටිය පොලිසිය මගින් අත්අඩංගුවට ගත් එම විශ්වවිද්‍යාලයේ තෙවැනිවසරේ සිසුන් සිව් දෙනෙකු කුලියාපිටිය මහේස්ත්‍රාත් මිහිල් චිරන්තන සතුරුසිංහ මහතා හමුවට ඉදිරිපත් කරනු ලැබුවා.

එහිදී මහේස්ත්‍රාත්වරයා විසින් මේ මස 29 දක්වා සැකකරුවන් සිවුදෙනා රිමාන්ඩ් බාරයට පත්කරනලෙස නියම කළා.

මෙලෙස රිමාන්ඩ් වූයේ කුලියාපිටිය වයඹ සරසවියේ තෙවැනිවසර සිසුන් සිවුදෙනෙකු වූ හෙට්ටිපොල, කටුපොත, මාරකවිට, උකුවෙල ප්‍රදේශ්වල පදිංචි සිසුන් සිව් දෙනෙක්.

පහරකෑ සිසුවා තුවාල ලබා කුලියාපිටිය ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව අධිකරණය හමුවේ කරුණු කී පොලිසිය සැකකරුවන් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කළයුතු බවද පවසා සිටියා.

සැකකරුවන් වෙනුවෙන් කරුණු කී නීතිඥවරයා කියා සිටියේ සැකකරුවන් ලෙස නම්කර ඇති සිසුන් හා පැමිණිලිකරු එකම සරසවියක සිසුන් බැවින් පෙරෙට්ටුවක් අනවශ්‍ය බවයි.

කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, ඉදිරි දිනයේදී සැකකරුවන් අධිකරණයට ආවරණ සහිතව ඉදිරිපත්කරන්නැයි බන්ධනාගාරයට නියම කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
3
+1
0
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මඩේ එරුණු හෙලිකොප්ටරය ගොඩගත්ත මෙහෙයුම
01:11
Video thumbnail
මා#රයා ඔළුව උඩ තියන් ජීවත්වන බලංගොඩ, කිරිදිගල මිනිස්සු.."ඉක්මනට යමු කට්ටියම මේ ගම දාලා"
07:06
Video thumbnail
කාළගුණය වෙනස්වෙද්දි,වන ලැහැබෙන් එළි බැස්ස ගමේ දඟකාරයා - "වීරා"..කැමරා ඇසට හසුවූ දුර්ලබ දසුන මෙන්න
04:27
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන
01:09
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ට දිනක ලැබෙන කෑම වේල අවතැන්වූවන්ට දෙයි..එයාලගෙත් හිත් උණු වෙනවා
01:52
Video thumbnail
"වහාම හදිස්සි නීතිය යටතේ හඳුන්නෙත්තිව අත්අඩංගුවට ගන්න"මිහින්තලේ හිමි කුපිත වී ලෙසටම දෙසයි
03:49
Video thumbnail
"අපි සිප්පි කටු පස්සෙන් ගිය නිසා අපිට වාලම්පූරි මඟහැරුණා.."සමහරු එයාලගේ ප්‍රතිරූප ගොඩනඟා ගන්න දගලනවා
07:55
Video thumbnail
මහ වැස්සෙන් පසු රාවණා දිය ඇල්ලේ පෙනෙන මනස්කාන්ත දසුන..දැකපු දෙස් විදෙස් අයත් මවිත වුණ දේ
01:33
Video thumbnail
Kasthirama | "යළි ගොඩනැගෙන්නට සවිය අවැසි හෙට දවස" - කස්තිරම විශේෂ වැඩසටහන සජීවීව
01:25:26
Video thumbnail
මෙන්න කාළගුණයේ වෙන්න යන නොසිතූ වෙනස..අත්‍යවශ්‍ය වැඩවලට විතරක් එළියට යන්න
04:02


?