නරක්වූ මාළු බහාලුම් 98ක් ශ්‍රී ලංකාවේ ගොඩබෑමේ සිදුවීමක් ගැන අලුත්ම අනාවරණයක් (වීඩියෝ)

කාබනික පොහොර නිෂ්පාදන සමාගමක් සඳහා නෞකාවක නරක්වූ මාළු බහාලුම් 98ක් මෙරට ගොඩබෑම සඳහා ශ්‍රී ලංකා රේගුවේ ඉල්ලීමට ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රක් නිකුත් කර ඇති බව රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

අදාළ සමාගම සතුව සැමන් නිෂ්පාදන ආයතනයක් ද පවතින බවටයි පසුව හෙළිවී ඇත්තේ.

ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් ආනයන බලපත්‍ර නිකුත් කලත්, පසු විපරමක් සිදු නොවීම ගැන කාරක සභාවේ කනස්සල්ල ද පලවී තිබෙනවා.

මේ පිළිබද කරුණු අනාවරණය වූයේ රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් එම කාරක සභාව පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙදින කාරක සභාව හමුවට 2021 සහ 2022 මූල්‍ය වර්ෂය සඳහා වූ විගණකාධිපති වාර්තා සහ කාර්ය සාධනය පරික්ෂාව සඳහා ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව කැඳවා තිබුණා.

කාරක සභාව තුළ නෞකාවේ නරක්වූ මාළු බහාලුම් සම්බන්ධයෙන් දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබෙනවා. එහිදී සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ මත්ස්‍යයින් ගබඩා කළ බහාලුම් රැගත් නෞකාවක් කොළඹ වරායට ආසන්න මුහුදු ප්‍රදේශයේදී කාර්මික දෝෂයකට ලක්වී විදුලි සැපයුම නතර වීම හේතුවෙන් එම මත්ස්‍යයින් නරක්වී ඇති බව තහවුරු කරගත් පසු තායිලන්තය එම නෞකාව තම රටට ඇතුළු කරගැනීම ප්‍රතික්ෂේප කර ඇති බව විගණන නිලධාරීන් මෙහිදී ප්‍රකාශ කළා.

පසුව එම නරක්වූ මත්ස්‍යයින් මෙරට කාබනික පොහොර නිෂ්පාදනය කරන ලබන සමාගමක් වෙත ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකා රේගුව මගින් කළ ඉල්ලීමට, ආනයන හා අපනයන පාලක ජනරාල් විසින් බලපත්‍රයක් නිකුත් කර ඇති බවයි එම නිලධාරීන් වැඩි දුරටත් කියාසිටියේ. එහිදී එම බලපත්‍රය ලබාගැනීමට අදාළ ආනයනකරු විසින් ඉල්ලීම් සිදුකළ යුතු වූවත් එයට පටහැනිව බලපත්‍රය ලබාගැනීමට ඉල්ලුම් කර ඇත්තේ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව බව ද මෙහිදී අනාවරණය වී තිබෙනවා.

මෙම නෞකාවෙන් මාළු බහාලුම් 98ක් අදාළ කාබනික පොහොර නිෂ්පාදන සමාගම ලබාගෙන තිබුන ද ඉන් භාවිත කර ඇත්තේ බහාලුම් 43ක් පමණක් බව මෙහිදී අදහස් දක්වමින් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ප්‍රකාශ කළා. බහාලුම් 55ක් ප්‍රයෝජනට ගෙන නොතිබූ අතර ඒවා ප්‍රති අපනයන කිරීමට සැලසුම් කර තිබු බවත් බහාලුම් 15ක් කොම්පොස්ට් පොහොර නිෂ්පාදනයට භාවිතා කර ඇති බවයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට දැනුම් දුන්නේ. මධ්‍යම පරිසර අධිකාරියේ අධීක්ෂණය යටතේ මෙම කටයුතු සිදුවී ඇති බව ද එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දී තිබෙනවා.

මෙම නරක්වූ මත්ස්‍යයින් සහිත බහාලුම් රට තුළට ගැනීම හේතුවෙන් එම බහාලුම්වල මෙහෙයුම් කටයුතු සිදුකළ වරාය පරිශ්‍රය හා එම බහාලුම් රඳවා තැබූ ප්‍රදේශවල පරිසරය දුෂණය වී තිබූ බවයි මෙහිදී අදහස් දක්වමින් විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දුන්නේ. එමෙන්ම බහාලුම් 98ක් ලෙස සඳහන් කළද සත්‍ය ලෙසටම බහාලුම් 102ක් තිබී ඇති බවත් ඉතිරි බහාලුම් 4ට සිදුවූ දෙය සම්බන්ධයෙන් කිසිදු වාර්තාවක් නොමැති බවත් විගණන නිලධාරීන් විසින් පෙන්වා දී තිබෙනවා. මෙම නරක්වූ මත්ස්‍යයින් යොදා ගනිමින් සත්‍ය ලෙසටම කාබනික පොහොර නිෂ්පාදනය කර තිබුනේද මෙන්ම කොම්පෝස්ට් පොහොර ද සත්‍ය ලෙසටම නිෂ්පාදනය කර තිබුනේද යන්න තහවුරු කර ගැනීමට හැකියාවක් ලැබී නොමැති බව ද විගණන නිලධාරීන් කාරක සභාවට දැනුම්දී තිබෙනවා.

එමෙන්ම මෙම කාබනික පොහොර නිෂ්පාදන ආයතනයට එතරම් බහාලුම් සංඛ්‍යාවකින් පොහොර නිෂ්පාදනය කිරීමට ධාරිතාවක් නොතිබූ බවත් එම ක්‍රියවලියේ අසාර්ථක බව, බහාලුම් 55ක් ප්‍රතිඅපනයනය කිරීමට ගත් තීරණය මගින් පැහැදිලි වන බවයි විගණන නිලධාරීන් විසින් මෙහිදී පෙන්වා දී ඇත්තේ. මෙම කාබනික පොහොර නිෂ්පාදන ආයතනය සතුව සැමන් නිෂ්පදනය කරනු ලබන ආයතනයක් පැවතීම පිළිබඳව ද විගණන නිලධාරීන් විසින් කාරක සභාවේ අවධනය යොමු කරනු ලැබුවා. ඒ අනුව මේ සම්බන්ධයෙන් යම් අක්‍රමිකතාවක් සිදුව ඇත්ද යන්න සොයා බැලීම සඳහා මෙම සිදුවීමට අදාළ සියලු ආයතන හා නිලධාරීන් ඉදිරි දිනක කාරක සභාව හමුවට කැඳවීමටයි සභාපතිවරයා තීරණය කළේ.

මේ අතර ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුව මගින් භාණ්ඩ ආනයනය සඳහා බලපත්‍ර නිකුත් කිරීමේදී ආයතන 36ක් සමග සම්බන්ධවී කටයුතු කරන බව එම දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කාරක සභාවට දැනුම්දී තිබෙනවා. ඒ අනුව බලපත්‍ර නිකුත් කලද ඉන් පසු ඒ සම්බන්ධයෙන් පසු විපරමක් සිදුකිරීමේ වැඩපිළිවෙලක් නොමැති කම පිළිබඳව කරුණු දක්වමින් සභාපතිවරයා සිය කමිටුවේ කනස්සල්ල පළ කළා.ඒ අනුව එම පසුවිපරම් ක්‍රියාවලිය වඩාත් ප්‍රයෝගික මට්ටමින් සිදුකිරීමට අවශ්‍ය වැඩපිළිවෙලක් සකස් කරන ලෙසටයි ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දුන්නේ.

එමෙන්ම ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවේ සියලු තොරතුරු රැස් කරමින් කඩිනමින් දත්ත පද්ධතිය සකස් කර අවසන් කරන ලෙසටද සභාපතිවරයා මෙහිදී නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43
Video thumbnail
පාස්කුවේ ප්‍රහාරයේ ප්‍රතිලාභියා කාදිනල් හිමිද ? කිසිම පූජකයෙක් මැ#ණේ නෑ..ඒක සැකයි
02:22
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.06.23
08:07:32
Video thumbnail
ත්‍රස්තවාදී පනතෙන් ආණ්ඩුවත් වැඩ ගන්නවද ?නලින්ද සියල්ල හෙළිකරයි - දික්කසාද නඩුවක් වගේද මේක පේන්නේ ?
05:34
Video thumbnail
සලේටයි බිරිඳටයි නලින්ද කට උත්තර නැතිවෙන්න කිව්ව කතාව - මහත්තයාට කන්න කියන්න..පූජා තියලා හරියන්නේ නෑ
04:32
Video thumbnail
සෙංකෝලය උස්සන්න ගිය සිද්ධිය ගැන නලින්ද සැරවෙයි - අපිට කරගන්න බැරි තත්ත්වයක් තිබුණේ
05:00
Video thumbnail
අධික වේගයෙන් ධාවනය වු යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:54
Video thumbnail
ඔයාලට වැඩ බැරි නම් ඔය පුටුවලින් නැගිටිලා යන්න
03:05
Video thumbnail
ප්‍රසාද් සර්ගේ ප්‍රකාශයට කැබිනට් මාධ්‍ය හමුවේදී සැර කතාවක් - අපි තීන්දු ගන්නේ නෑ අධිකරණයම බලාගයි
01:55
Video thumbnail
අපි අමාරුවෙන් රට ගොඩනගද්දී විපක්ෂය ඒක කඩාකප්පල් කරන්න හදනවා
03:01