නයන වාසලතිලක දිවුරුම් දෙයි

බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරිගේ ඉල්ලා අස්වීමෙන් පුරප්පාඩු වූ මන්ත්‍රී ධුරය සඳහා නයන වාසලතිලක අද (12) පාර්ලිමේන්තුවේ දී කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ දිවුරුම් දුන්නා.

2015 වසරේ දී එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් ක්‍රියාකාරී දේශපාලනයට පිවිසී ඇති නයන වාසලතිලක 2020 පාර්ලිමේන්තු මැතිවරණයේ දී සමගි ජන බලවේගය නියෝජනය කරමින් බදුල්ල මැතිවරණ කොට්ඨාසයෙන් මනාප 31,307ක් ලබාගත්තා.

බණ්ඩාරවෙල ශාන්ත තෝමස් විද්‍යාලයෙන් සිය පාසල් අධ්‍යාපනය නිම කර ඇති වාසලතිලක මන්ත්‍රීවරයා සූපවේදය පිළිබඳව උපාධියක් සහ ව්‍යාපාර කළමනාකරණය පිළිබඳව උපාධියක් ස්විස්ටර්ලන්තයේ දී හදාරා තිබෙනවා.

එමෙන්ම සූපවේදියෙකු ලෙස වසර ගණනක අද්දැකීම් සහිත ඔහු ඕස්ටේලියාවේ ප්‍රධාන පෙළේ හෝටලයක සහ ශ්‍රි ලංකාවේ ප්‍රධාන හෝටලයක සූපවේදියෙකු ලෙස සේවය කර ඇති අයෙක්.

නයන වාසලතිලක මන්ත්‍රීවරයා මේ වන විට ව්‍යවසායකයෙකු ලෙස දේශීය සහ විදේශීය ව්‍යාපාර කිහිපයකම හිමිකාරිත්වය දරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පොලිස් බිරිඳ සංවේදි වෙයි - මගේ දරුවන්ව ගාව ගන්න එපා මේවට..ළමයි අද ඉස්කෝලේ යන්න බැහැ කියනවා
03:06
Video thumbnail
මන්ත්‍රී ශාන්ත එක්ක පැටලුණු පොලිස් නිලධාරියා මානව හිමිකම් යයි.."දැන් මටයි, මගේ පවුලටයි යන එනමන් නෑ"
06:45
Video thumbnail
රාජිතගෙන් ආණ්ඩුවට උපදෙස්..අද කොහෙද නිදහස් සෞඛ්‍යයක් තියෙන්නේ..අපේ කාලේ 100%ක් තිබුණා
07:56
Video thumbnail
දිට්වා නිසා සහල්වලට වෙන්න යන දේ මෙන්න..මහ කන්නය අවසානයේදී වී අස්වැන්නේ අඩුවක්
07:59
Video thumbnail
වැලිගම සභාපති ධුරයේ ඡන්ද විමසුම දින නොමැතිව කල් යයි..
03:31
Video thumbnail
මාධ්‍ය ආයතනවලට තර්ජනය කරන එක බරපතළ ඛේදවාචකයක්
02:53
Video thumbnail
කෙහෙළිය වගේම නලින්දත් හිරෙට යන්න ඕනේ..සාධාරණ පරීක්‍ෂණයක් ඉටු කර දෙන ලෙස ඉල්ලලා CIDයට පැමිණිල්ලක්.
05:25
Video thumbnail
පනත නොතිබ්බත් මුන් හැමතැනටම ඇඟිලි ග#නවනේ.. අපිලාගේ සාදු ලෙසටම දෙසයි
04:52
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්
00:27
Video thumbnail
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ බෝ#බ බියක්.. ආරක්ෂක අංශ හදිසි සෝදිසියක්
01:57


?