නත්තල් ප්‍රධාන දේව මෙහෙයේ දී පාප් වහන්සේ ලෝක සාමය සඳහා ආයාචනා කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික ප්‍රධාන නත්තල් දේව මෙහෙය සුපුරුදු පරිදි වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත් වුණා.

ශාන්ත පීතර බැසිලිකාවේ පැවති ප්‍රධාන දේව මෙහය සඳහා 7,000කට අසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දේව මෙහෙය සිදුකරමින් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෝක සාමය සඳහා ආයාචනා කළ අතර, එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේ හදවත ඇත්තේ බෙත්ලෙහෙමේ බවයි.

සාමයේ කුමරුන් උපන් භූමියෙන් අද දිනය වනවිට සාමය තුරන් වී, යුද ගැටුම් වර්ධනය වීම ඇති බව සඳහන් කළ පාප් වහන්සේ, ඒ සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටුවන බවයි සඳහන් කර සිටියේ.

බලය පෙන්වීම හෝ දුර්වලයන් තලා පෙලා දැමීම නත්තලේ සැබෑ පණිවුඩය නොවන බව සඳහන් කළ උන්වහන්සේ සෑමදෙනාම සාමයෙන් ජීවත් වීම නත්තලේ සැබෑ පණිවුඩය බවද සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16