spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

නත්තල් ප්‍රධාන දේව මෙහෙයේ දී පාප් වහන්සේ ලෝක සාමය සඳහා ආයාචනා කරයි

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේගේ ප්‍රධානත්වයෙන් වාර්ෂික ප්‍රධාන නත්තල් දේව මෙහෙය සුපුරුදු පරිදි වතිකානයේ ශාන්ත පීතර බැසිලිකාවේ දී පැවැත් වුණා.

ශාන්ත පීතර බැසිලිකාවේ පැවති ප්‍රධාන දේව මෙහය සඳහා 7,000කට අසන්න බැතිමතුන් සංඛ්‍යාවක් පැමිණ සිටි බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

මෙම දේව මෙහෙය සිදුකරමින් ශුද්ධෝත්තම පාප් වහන්සේ ලෝක සාමය සඳහා ආයාචනා කළ අතර, එහිදී උන්වහන්සේ සඳහන් කළේ තමන්ගේ හදවත ඇත්තේ බෙත්ලෙහෙමේ බවයි.

සාමයේ කුමරුන් උපන් භූමියෙන් අද දිනය වනවිට සාමය තුරන් වී, යුද ගැටුම් වර්ධනය වීම ඇති බව සඳහන් කළ පාප් වහන්සේ, ඒ සම්බන්ධයෙන් තමා දැඩි ලෙස කණගාටුවන බවයි සඳහන් කර සිටියේ.

බලය පෙන්වීම හෝ දුර්වලයන් තලා පෙලා දැමීම නත්තලේ සැබෑ පණිවුඩය නොවන බව සඳහන් කළ උන්වහන්සේ සෑමදෙනාම සාමයෙන් ජීවත් වීම නත්තලේ සැබෑ පණිවුඩය බවද සිහිපත් කර සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?