නත්තලට සුබ පැතුම්

දෙවසරකට ආසන්න කාලයක් පුරා පවතින කොරෝනා වසංගත තත්වය තුළ පුද්ගල වශයෙන්ද, සාමූහිකව ද, රටක් වශයෙන් ද අපගේ ආගම් විසින් පුහුණු කළ ආධ්‍යාත්මික පරිකල්පනය සහ විනය, වසංගතය පාලනය කර ගැනීමට මනා පිටුවහලක් වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ප්‍රකාශ කළා.

නත්තල් දින පණිවුඩයෙන් ජනාධිපතිවරයා සඳහන් කරන්නේ සමාජයේ යහපත වෙනුවෙන් වැයවීම මගින් සැමට විමුක්තිය උදා කිරීම නත්තලේ ආධ්‍යාත්මික හරය වන බවයි.

එය සමස්ථ මිනිස් වර්ගයාටම ප්‍රේමය සහ සාමය ගෙන දෙමින් සියලු දෙනා ප්‍රීතියට පමුණුවන උතුම් ආගමික මංගල්‍යයක් බව ජනාධිපතිවරයා නිකුත් කළ පණිවුඩයේ වැඩිදුරටත් දැක්වුණා.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කරන්නේ සමාජයේ පීඩාවට පත් වන ජනතාව ඉන් මුදාගෙන යහපත් සමාජයක් නිර්මාණය කිරීම උදෙසා ක්‍රිස්තූන් වහන්සේ මුලු දිවියම කැප කළ බවයි.

දෙවියන් වහන්සේගේ ප්‍රේමය සහ මානව ගරුත්වය මනුෂ්‍යත්වය පිරි සමාජයකට විශ්වාසනීය පදනමක් වූ බව අග්‍රාමාත්‍යවරයාගේ අදහසයි.

අසිරිමත් හදවත් ඇත්තෝ සාමය බෙදාගන්නා බවත් සතුරාට ප්‍රේම කරන බවත් අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කරනවා.

නත්තලේ සැබෑ හරයන් ලඟා කර ගනිමින් ප්‍රේමණීය පුරවැසියෙකු ලෙස ජීවිත සකස් කර ගැනීමට නත්තල් දිනය ලබා දෙන රුකුල අතිමහත් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස සිය නත්තල් දින පණිවුඩයෙන් සඳහන් කළා.මේ මොහොතේ දුෂ්කර සමයක දිවි ගෙවන අසල්වැසියා පිළිබඳවද හැකි පමණ අවධානය යොමු කිරීම මගින් සැබෑ නත්තලේ අරුත සුරක්ෂිත වන බවයි ඔහු ප්‍රකාශ කරන්නේ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඇල්ලු ආයුධ ගැන ජනපති හැමෝම ඉස්සරහා කියයි - මොකක්ද ඔබේ යුනිෆෝම් එකේ ඇති වගකීම ?
02:17
Video thumbnail
බණ්ඩාරවෙල මහනගර සභාවෙන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක්..කට්ටිය හිනා වෙවී වැඩ
01:31
Video thumbnail
මාස 06 කාලය තුල ඇල්ලු මත්ද්‍රව්‍ය ගැන ජනපතිගෙන් හෙළිදරව්වක්..ආගමික ස්ථාන දක්වා ව්‍යසනය පැතිරිලා
03:55
Video thumbnail
ඩොලරයේ අර්බුදයට ජනපතිගෙන් පිළිතුරු.."තියෙන තෙරපුව කෙටි කාලයක් පාලනය කර ගත යුතුයි"
02:31
Video thumbnail
රණවිරු ස්මාරකයේ ඇත්තටම වුණ දේ විමල් රටටම හෙළිකරයි
20:06
Video thumbnail
මඩකලපුවේ පානීය ජල ගැටලුවටත් ජනපතිගෙන් විසඳුම්..ගැටලු රැසකට ඉදිරි අයවැයේ අවධානය
02:03
Video thumbnail
තහඩුවක් ගියත් ලක්ෂ 5ක් දෙනවා කිව්වා, සත පහක් දුන්නේ නෑ
08:12
Video thumbnail
මෙච්චර දවස් රාජපක්ෂ නිකායේ ඒත් අද මම නිකාය මාරු කළා..අනුර ජනපතිට උපරිම සහය
03:14
Video thumbnail
ජීවන්ත පීරිස් පියතුමාගේ ප්‍රකාශය කතෝලික සභාව තරයේ හෙළාදකී..යුද්දයක් ඇවිලෙන්නට මේ ප්‍රකාශ හේතු වෙනවා
07:01
Video thumbnail
රෝහිණි අදත් ආණ්ඩුව සැරටම අමතයි
04:49