නඩුකරයකට හිර වී සිටින වත්මන් සුරාබදු කොමසාරිස් ජනරාල් ඇතුළු පිරිසක් රට පැනීමේ සූදානමක?

අධිකරණයට අපහාස කිරීම පිළිබඳ නඩුකරයකට මුහුණ දී සිටින සුරාබදු කොමසාරිස් ජනරාල් එම්. ජේ. ගුණසිරි මහතා ඇතුළු වගඋත්තරකාර නිලධාරීන් පිරිසක් විදෙස්ගත වීමේ සූදානමක් ඇති බවට තොරතුරු ලැබී ඇති බැවින් ඔවුන් විදෙස්ගත වීම වළක්වාලන තහනම් නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට මෝසමක් ඉදිරිපත් වී තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; නිට්ටඹුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු විසින් එම මෝසම ඉදිරිපත් කර ඇති බවයි.

එම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස සුරාබදු කොමසාරිස් එම්. ජේ. ගුණසිරි, අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරුන් වන ඒ.එම්.පි අරම්පත් සහ නියෝජ්‍ය සුරාබදු කොමසාරිස්වරුන් වන කේ.ධර්මසිලන් සහ සී.ජේ විරක්කොඩි යන නම් කර තිබෙනවා.

නීතියට පටහැනි ලෙස නව මත්පැන් බලපත්‍ර නිකුත් නොකරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඉකුත්දා නිකුත් කරනු ලැබූ අතුරු තහනම් නියෝගය නොතකා කටයුතු කිරීම තුළින් සුරාබදු කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු වගඋත්තරකරුවන් අධිකරණයට අපහාසයක් සිදුකර ඇති බවට චෝදනා කරමින් ගොනුකර ඇති පෙත්සමට අදාළව එම මෝසම ඉදිරිපත් කර ඇති බවයි වාර්තා වන්නේ.

පෙත්සම මගින් පෙත්සම්කරු පෙන්වා දී ඇත්තේ අධිකරණයට අපහාස කිරිමේ නඩුවකට මුහුණපා සිටින මෙම වගඋත්තරකරුවන් රටින් පිටවීමට සුදානම්ව ඇති බවත් එසේ රටින් පිටව ගියහොත් නඩු කටයුතුවලට විශාල අගතියක් සිදුවීමට ඉඩ ඇති බවයි.

එම නිසා ඔවුන්ට එරෙහිව විදේශගත වීම තහනම් කරමින් වාරණ නියෝගයක් නිකුත් කරන ලෙස ද පෙත්සම්කරු ඉල්ලා සිටිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39
Video thumbnail
ගමින් ගමට වැඩසටහනට ගිය නාමල්ගෙන් සැර කතාවක්..ජනාධිපති බොරුවට චෙක් බෙදලා..ලැජ්ජා නැහැ
08:45
Video thumbnail
සියලුම බාධාවලට මුහුණ දීලා අපි ඉස්සරහට යනවා
06:07
Video thumbnail
කිසිම ආණ්ඩුවක් කරපු නැති දෙයක් අපි කළා
05:38
Video thumbnail
ඉපලෝගම OICගේ සිද්ධියේ හඬ පටයක් ලීක් වෙයි ?..මාලිමා මන්ත්‍රී OICගේ Drinking Partner ?
13:28
Video thumbnail
ඊළඟ මැච් එකේ ඉඳන් අපි හොඳට කරනවා - නිදහසට කරුණු කියන්න බෑ
06:47
Video thumbnail
පිස්සු බ#ල්ලෝ වගේ හැසිරෙන්න එපා - මට චෙක් එකක් දුන්නේ නෑ
03:12
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:35
Video thumbnail
ලාංකික ධීවරයින් පිරිසකට ජාත්‍යන්තර මුහුදේ දී පහරදීමක්
01:38


?