නගර සභාවේ ගලි බවුසරය පදිකයින් දෙදෙනකුත් යට කරගෙන කඩා වදියි

නුවරඑළියේ මහ නගර සභාවේ බවුසරයට පුද්ගලයින් දෙදෙනෙකු යට වී තුවාල ලබා තිබෙනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම රිය අනතුරින් මෝටර් රථයකට ද හානි සිදු ව ඇති බවයි.

නුවරඑළිය මුලස්ථාන පොලිස් ස්ථානය ඉදිරිපිට දී මෙම අනතුර සිදු ව ඇති අතර; ගලි බවුසරයකට ප්‍රධාන මාර්ගයේ සුදු ඉර මතින් මාර්ගය හරහා මාරු වු පදිකයින් දෙදෙනකු මෙලෙස අනතුරට ලක් ව රෝහල්ගත කර තිබෙනවා.

ඔවුන් දෙදෙනා ම බරපතළ තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

අද (12) පෙරවරු 10.30ට පමණ මෙම අනතුර සිදු ව තිබෙනවා.

හාවාඑළිය ප්‍රදේශයේ සිට නුවරඑළිය මහ නගර සභාව දක්වා අධික වේගයෙන් ධාවනය කර ඇති මෙම බවුසරය නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාල මාර්ගයේ ගාල් කර තිබු මොටර් රථයක ද ගැටී පදිකයින් දෙදෙනා ද යට කරගෙන විත් ප්‍රධාන
මාර්ගය අබියස පිහිටි පැති බැම්මක ගැටී නතර ව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් ගලි බවුසරයට දැඩි අලාභ හානි සිදු ව ඇති අතර, බවුසර් රථයේ හදිසියේ ඇති වූ කාර්මික දෝෂයක් අනතුරට හේතුව වී ඇති බවයි අනතුර පිළිබඳ ව සිදු කළ මූලික විමර්ශනවල දී හෙළි ව ඇත්තේ.

බවුසර් රථයේ රියදුරා පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37
Video thumbnail
මොඩියුලවල පිටු ග#වලා NPP සමරු පොතේ අලවගන්න..දණගාලා බඩගාලා එන්න කියන එක සාධාරණද ?
07:52
Video thumbnail
සජිත්ව වට කරගෙන මිනිස්සු හඬා වැටෙයි
00:53
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට ගෙන ආ ලෝක කුසලානය
01:07
Video thumbnail
අපිට ඉන්දියාවත් හොල්ලන්න පුළුවන්"රජවරු කනෙන් අල්ලලා එළියට දාපු කණ්ඩායමක් ස්වාමීන් වහන්සේලා"
11:20
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
02:56
Video thumbnail
DIG අජිත් රෝහණ කියපු පුදුම කතාව
03:18
Video thumbnail
ඉන්දියාවේ නිලාධාරින් බෝට්ටුවට ඇවිත් හොඳටම ග#ලා..ප#සට අයිසුත් ඔබලා..ඥාතීන් හඬා වැටෙයි
05:39


?