දොස්තර බෙල්ලනගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කරලා – විපක්ෂ නායක

මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කළැයි ජාතික රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

අද (19) පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා මේ බව සඳහන් කළා.

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පවතින දූෂණ සහ වංචා පිළිබඳව මාධ්‍යට කතා කිරීම හේතුවෙන් වෛද්‍ය රුක්ෂාන් බෙල්ලනගේ වැඩ තහනම් කිරීම කිසිඳු සාධාරණත්වයක් නොමැති බවයි විපක්ෂ නායකවරයා මෙහිදී පැවසුවේ.

“මම මේ කතා කරන්නේ මූලික අයිතීන් ගැන. සෞඛ්‍ය කියන්නේ මූලික අයිතියක්. බාල එන්නත් ඉතා දෙදෙනෙක් මිය ගොස් තියෙනවා. නමුත් වැඩ තහනම් වෙලා තියෙන්නේ කාගේද? බෙල්ලන මාධ්‍යයට කතා කලා කියලා එයා ගෙදර යවලා.මේකෙ තියෙන සාධාරණත්වය මොකක්ද? බාල බෙහෙත් නිසා ජීවිත අහිමි වන උදවියට යුක්තිය ඉටු කරන්නේ බෙල්ලනගේ මූලික අයිතිය කඩලා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?