දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමට පියවර

දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ දැනට පවතින පුරප්පාඩු 210ක් සඳහා වහා ම බඳවා ගැනීම් සිදු කිරීමට අවශ්‍ය කටයුතු සූදානම් කරන ලෙස මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය උපදෙස් ලබා දී තිබෙනවා.

මීට අමතරව දැනට කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය හිමි තනතුරු 66ක් සඳහා ද බඳවා ගැනීමේ කටයුතු කඩිනම් කරන ලෙසයි අමාත්‍යවරයා උපදෙස් ලබා දී ඇත්තේ.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව කියා සිටියේ දේශීය ආදායම් කොමසාරිස්වරුන්ගේ සංගමයේ සාමාජිකයන් සමග අද (26) මුදල් අමාත්‍යාංශයේ පැවැති හමුවකදියි.

මෙරට රාජ්‍ය ආදායමෙන් 60%ක පමණ දායකත්වය දක්වන දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ කටයුතු නිසි පරිදි පවත්වාගෙන යාම සඳහා උපරිම පහසුකම් සැලසීම රජයේ අරමුණ බව අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

බදු ජාලය ශක්තිමත් කිරීම සඳහා ඩිජිටල්කරණය හඳුන්වාදීමේ ප්‍රධාන පියවර වන රැමිස් පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා නිශ්චිත දිනයක් ප්‍රකාශයට පත් කිරීම කෙරෙහි ද අවධානය යොමු වී ඇති බවයි අමාත්‍යවරයා මෙහි දී කියා සිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10