අනිවාර්‍යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් ඝාතනය කිරීමට යුරෝපයේ සැඟව සිටින අපරාධ කල්ලි නායක කංජිපානි ඉම්‍රාන් කොන්ත්‍රාත්තුවක් ලබා දී ඇති බවට මහජන ආරක්ෂ අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසනවා.
අද (20) පාර්ලිමේන්තුවේ දී මේ බව සඳහන් කරමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවසුවේ; මෙම ඝාතන කොන්ත්‍රාත්තුව ලබා දී ඇත්තේ බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින බී. සමන් කුමාර නැතතොත් අයි.ඩී.එච්. සුද්දා නමැත්තෙකුට බවයි.
අදාළ කාරණය සම්බන්ධයෙන් බුද්ධි තොරතුරු ලැබී ඇති බවත් බූස්ස බන්ධනාගාරයේ එවැනි අයෙකු රඳවා තිබේ ද යන්න සොයා බැලීමට කටයුතු කර ඇති බවත් අමාත්‍යවරයා පැවසුවේ.
ඒ සඳහා කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් ද අවසර හිමි ව ඇති අතර අදාළ කොන්ත්‍රාත්තුව ලබා දුන් දූරකථන අංකය ගැන විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමට ද ක්‍රියාමාර්ග ගෙන ඇති බව ආනන්ද විජේපාල මහතා වැඩිදුරටත් සඳහන් කළා.





