Empty Ad
AFC Banner
Empty Ad

දේශබන්දු අප්‍රේල් 10 තෙක් යළිත් රිමාන්ඩ් (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (03) පස්වරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කළේ අප්‍රේල් මස 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා ව අද පස්වරු 1ට පමණ දැඩි බන්ධනාගාර හා පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

ඉන් අනතුරුව අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණු අතර පැය එකහමාරකට අධික කාලයක් විත්තිකාර තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීමක් සිදු කළා.

එම කරුණු දැක්වීම මගින් සිය සේවාදායකයා හට ඇප ලබාදෙන ලෙසයි නීතිඥවරුන් ඉල්ලා සිටියේ.

නමුත් රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දිනයේදිත් දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබා දීමට විරුද්ධ වුණා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විත්තිකරුව එළඹෙන 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, ඇප ඉල්ලීම පිළිබඳ ව වන තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බවයි.

වැඩ තහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ඊයේ (02) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී දැනුම්දුන්නා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?