දේශබන්දු අප්‍රේල් 10 තෙක් යළිත් රිමාන්ඩ් (වීඩියෝ)

අනිවාර්යය රාජකාරි නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ව තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස මාතර මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර තිබෙනවා.

අද (03) පස්වරුවේ විත්තිකාර දේශබන්දු තෙන්නකෝන්ව මාතර මහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව විනිසුරුවරයා නියෝග කළේ අප්‍රේල් මස 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසයි.

දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටින තෙන්නකෝන් මහතා ව අද පස්වරු 1ට පමණ දැඩි බන්ධනාගාර හා පොලිස් ආරක්ෂාවක් මධ්‍යයේ මාතර මහේස්ත්‍රාත් අධිකරණයට රැගෙන ආවා.

ඉන් අනතුරුව අධිකරණයේ දී නඩු විභාගය ආරම්භ වුණු අතර පැය එකහමාරකට අධික කාලයක් විත්තිකාර තෙන්නකෝන් වෙනුවෙන් නීතිඥවරුන් කරුණු දැක්වීමක් සිදු කළා.

එම කරුණු දැක්වීම මගින් සිය සේවාදායකයා හට ඇප ලබාදෙන ලෙසයි නීතිඥවරුන් ඉල්ලා සිටියේ.

නමුත් රජයේ පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටින අතිරේක නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් අධිකරණය හමුවේ කරුණු දක්වමින් අද දිනයේදිත් දේශබන්දු තෙන්නකෝන් හට ඇප ලබා දීමට විරුද්ධ වුණා.

ඒ අනුව මහේස්ත්‍රාත්වරයා පැවසුවේ විත්තිකරුව එළඹෙන 10 වැනි දින තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසත්, ඇප ඉල්ලීම පිළිබඳ ව වන තීන්දුව එදින ප්‍රකාශයට පත් කරන බවයි.

වැඩ තහනමට ලක් ව සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ඉකුත් 20 වනදා අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු අද දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

2023 වසරේ වැලිගම W15 හෝටලය අසල සිදු වු වෙඩිතැබීමේ සිද්ධියකට අදාළ ව අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර සිටි දේශබන්දු තෙන්නකෝන් මහතා, දින 20ක කාලයක් සැඟව සිට ඉකුත් 19 දිනයේ අධිකරණයට භාරවුණේ මෝසමක් ඉදිරිපත් කරමින්.

මේ අතර, රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාව එළඹෙන 8 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

පාර්ලිමේන්තුවේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා මේ බව ඊයේ (02) පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රැස්වීමේ දී දැනුම්දුන්නා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණයට ආපු ඥානසාර හිමි ඇඳුම ගැන කිව්ව දේ..
00:27
Video thumbnail
තනි ඇසක් වහගෙන ශිරන්ති අල්ලස් කොමිසමට
01:14
Video thumbnail
උසාවියා ඉස්සරහා උණුසුම් තත්ත්වයක් - හාමුදුරුවන්ට යන්න තහනම් ද..?
02:08
Video thumbnail
ගොවි පුතා කට ඇරියොත් කියන්නේ බොරු විතරයි - රෝහිණී ආණ්ඩුවට සැරටම දෙයි
02:10
Video thumbnail
එක එක්කෙනාට ඕන විදිහට චීවරය ඉවත්කරන්න බෑ
02:21
Video thumbnail
උතුරු, නැගෙනහිර සහ වතුකරයේ මන්ත්‍රීවරුන් එක්ක සජිත් සාකච්ඡාවක
01:40
Video thumbnail
ඩයස්පෝරාව සතුටු කරන්න මහින්දගේ බිරිඳටත් පුතාටත් හිරිහැර කරනවා
01:46
Video thumbnail
සෙව්වන්දිට මාංචු නෑ, ඥානසාර හාමුදුරුවන්ට මාංචු දාලා - මොකද්ද යකෝ උඹලගේ නීතිය
01:34
Video thumbnail
ශිරන්තිව අල්ලස් කොමිසමට රැගෙන එයි
00:57
Video thumbnail
ගිහි ඇඳුම ගැන ඥානසාර හිමි කිව්ව දේ.. හරිම සැහැල්ලුයි මේක
00:43