දේශබන්දු තෙන්නකෝන්ට රුපියල් ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත පදනම්ව ඇප නියම කිරීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය අද (27) තීන්දු කළා.
2022 වසරේ මයි මස 09 වැනිදා ගෝල්ෆේස් අරගල භූමියට සංවිධානාත්මක පිරිසක් විසින් පොලි මුගුරු වලින් පහර දීම වැළෑක්වීමට නිසි පියවර නොගෙන රාජකාරිය පැහැර හැරි බවට ඔහුට අධිකරණය ඉදිරියේ චෝදනා එල්ල වුණා.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන පසුගිය 20 වැනිදා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කළ හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අද (27) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මෙනෙවිය විසින් තීන්දු කරනු ලැබුවා.
එමෙන්ම දේශබන්දු තෙන්නකෝන් හට විදේශ ගත වීම වළක්වාලමින් විදෙස් ගමන් තහනමක් පැනවූ මහේස්ත්‍රාත්වරිය පැමිණිලිකරුවන්ට සහ සාක්ෂිකරුවන්ට බලපෑම් නොකරණ ලෙස සැකකරුහට තරයේ අවවාද කළා.





