අල්ලස් ලබාගන්නා සියලු දෙනාට නීතිය ක්‍රියාත්මක කිරීමේදී බොහෝ පිරිසකට නීතිය ක්‍රියාත්මක කිරීමට සිදුවනු ඇති නමුත් ලොව කිසිදු රටක නීතිය ක්‍රියාත්මක කළ පමණින් මෙය විසඳිය නොහැකි බව අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් රංග දිසානායක පවසනවා.
මේ අතර දේශපාලඥයින් පවසන දේ නොකරන රාජ්‍ය සේවයක් ගොඩනැගිය යුතු බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කළේ.
අර්ධ රාජ්‍ය විධායක නිලධාරීන්ගේ දෙවැනි වාර්ෂික මහ සභා රැස්වීමට කොළඹ පදනම් ආයතයේ දී අද (04) එක්වෙමින් ඔහු මෙම අදහස් පළ කළා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කර සිටියේ අල්ලස, දූෂණයට හවුල් නොවන්නේ නම් රාජ්‍ය නිලධාරීන් වැඩ කිරීමට බිය විය යුතු නැති බවයි.
එමෙන්ම රජයේ කිසියම් නිලධාරියෙක් හෝ සේවකයෙක් සද්භාවයෙන් සිදුකරන කිසිවක් සම්බන්ධයෙන් එම නිලධාරියා හෝ සේවකයා වගකීමට නොබැඳෙන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කර සිටියේ.





