දෙවුන්දර ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට අද (21) දහවල් සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ පුද්ගලයා මියගොස් ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස මියගොස් ඇත්තේ ‘ඩිලයිට්’ නමින් හැඳින්වෙන 55 හැවිරිදි මාළු ව්‍යාපාරිකයෙකුට බව සඳහන්.
Update – Saturday, February 21, 2026, 1.55 PM
===========================================
ගන්දර පොලිස් වසමේ, දෙවුන්දර ප්‍රදේශයේ අද (21) දහවල් වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.
සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට මෙම වෙඩි තැබීම සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙම වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලැබූ අයෙක් මාතර මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෝටර් රථයකින් පැමිණි පිරිසක් විසින් මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.













