දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය ශ්‍රී ලංකාවට – අද තරගයට වෙල්ලාලගේ එයි

කිවියන්ට එරෙහිව පැවැත්වෙන දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනාගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට (17) පෙර සමත් වුණා.

ඒ අනුව ශ්‍රී ලංකා නායක චරිත් අසලංක තීරණය කළේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව කිවියන්ට ලබාදීමටයි.

අද තරගය පස්වරු 2.30ට පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී ආරම්භ වනු ඇති.

අද තරගයට ඩිල්ෂාන් මධුශංක වෙනුවට දඟ පන්දු ක්‍රීඩක දුනිත් වෙල්ලාලගේ කැඳවා ඇති අතර නවසීලන්ත කණ්ඩායමේ කිසිදු වෙනසක් සිදු කර නැහැ.

තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියේ සංචාරක නවසීලන්තයට එරෙහිව පැවති පළමු තරගය ඩක්වත් ලුවිස් න්‍යාය අනුව ජය ගනිමින් ශ්‍රී ලංකාව මේ වනවිට තරගාවලියේ තරග 1-0ක් ලෙස ඉදිරියෙන් සිටිනවා.

දෙරට අතර පැවැත්වෙන මෙම තරගය දෙපිළටම තීරණාත්මක වනු ඇති.

ඒ අද තරගය ශ්‍රී ලංකාව ජයගතහොත් වේලාසනින් ම මව්බිමේ දී කිවියන්ට එරෙහිව ලබන 19 වැනි එක්දින තරගාවලි ජය මෙය වන නිසාවෙන්.

නැතහොත් තුන්වැනි එක්දින තරගය දැඩි උණුසුම්කාරී තත්ත්වයකට පත් කරගැනීමටත්, තරගාවලි ජයග්‍රහණය ගැන කිවියන්ටත් සිහින දැකීමට නම් අද තරගය නියත වශයෙන් ම නවසීලන්තය ජයග්‍රහණය කළ යුතු වනවා.

දෙරට අතර එක්දින තරග 103ක් මෙතෙක් පවත්වා ඇති අතර එහි වැඩිම වාසි ප්‍රමාණයක් තරග 52ක් ජයගනිමින් කිවියන්ට හිමිව තිබෙනවා.

ශ්‍රී ලංකාව දිනා ඇත්තේ තරග 42ක් පමණයි.

තරග අත් හැර දැමීම් 08ක් ඇති අතර සමවීම් එකක් පවතිනවා.

ශ්‍රී ලංකාව මව්බිමෙන් පිටත නවසීලන්තයට එරෙහිව තරග 12ක් දිනා ඇති අතර නවසීලන්තය දිනා ඇත්තේ තරග 08ක් පමණයි.

අද තරගය සුපුරුදු පරිදි නායකත්වය චරිත් අසලංක සහ කිවි නායක සැන්ට්නර් විසින් මෙහෙයවනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21