දෙවන 20-20 තරගයෙන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ප්‍රබල ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයගැනීම නවසීලන්ත කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්ත ජය ගත්තේ කඩුලු හතකින්.

නවසීලන්ත ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 113ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 03ක දී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය නායිකා සුසී බේට්ස් ලකුණු 47ක් රැස්කළ අතර, බෲක් හැලිඩේ නොදැවී ලකුණු 46ක් රැස් කළා.

මෙම ජයත් සමඟ දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සම තැනට ගෙන ඒමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තා.

මේ අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) ඩනෙඩින් හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10