Indian Premier League

දෙවන 20-20 තරගයෙන් නවසීලන්ත ක්‍රීඩිකාවන්ට ප්‍රබල ජයක්

සංචාරක ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති දෙවන විස්සයි විස්ස ක්‍රිකට් තරග ජයගැනීම නවසීලන්ත කාන්තා කණ්ඩායම අද සමත් වුණා.

ක්‍රයිස්චර්ච් හිදී පැවති මෙම තරගය නවසීලන්ත ජය ගත්තේ කඩුලු හතකින්.

නවසීලන්ත ආරාධනයෙන් මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 07ක් දැවී ලකුණු 113ක් සිය ලකුණු පුවරුවට එක් කළා.

අනතුරුව ලකුණු 114ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම එම ඉලක්කය පන්දුවාර 18යි පන්දු 03ක දී කඩුලු 03ක් පමණක් දැවී එම ඉලක්කය පසුකර යමින් තරගය ජයගත්තා.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය නායිකා සුසී බේට්ස් ලකුණු 47ක් රැස්කළ අතර, බෲක් හැලිඩේ නොදැවී ලකුණු 46ක් රැස් කළා.

මෙම ජයත් සමඟ දෙරට අතර තරග තුනකින් සමන්විත විස්සයි විස්ස තරගාවලිය සම තැනට ගෙන ඒමට නවසීලන්ත ක්‍රීඩිකාවන්ට හැකියාව ලැබුණා.

දෙරට අතර පැවති පළමු විස්සයි විස්ස තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් ජයගත්තා.

මේ අතර කණ්ඩායම් දෙක අතර පැවැත්වෙන තුන්වන සහ අවසන් විස්සයි විස්ස තරගය අනිද්දා (18) ඩනෙඩින් හිදී පැවැත්වීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?