දුරකතනයෙන් මුදල් ඉල්ලන මහජන පරීක්ෂකවරු පිළිබඳව අනාවරණයක්

මහජන පරීක්ෂකවරු බව පවසමින් දුරකතන මගින් මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බියකර මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් මහනුවර, ගලගෙදර සහ හතරලියද්ද පොලීසි වලට පැමිණිලි ලැබී තිබෙනවා.

ව්‍යාපාර ස්ථාන ලියාපදිංචිය, වෙළෙඳ සහතික ලබා ගැනීම ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බව කියමින් දුරකතන මගින් මෙම පිරිස මුදල් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මහනුවර මහ නගර සභාවේ ඇති හෝටල් ඇතුළු ආහාරපාන අළෙවි සැල් සදහා විවිධ නිර්නායක යටතේ සිදු කර ඇති වර්ගීකරණයේ ඉහළ ස්ථානයක් ලබාදෙන බව පවසමින් මහනුවර නගර සීමාවේ ව්‍යාපාරිකයින් ගෙන් මුදල් ඉල්ලා ඇති
බවත් අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව කියමින් ඇමතුම් මගින් මුදල් ඉල්ලූ බව කියන පුද්ගලයින් 13 දෙනෙකු ගේ දුරකතන අංක සහ බැංකු ගිණුම් අංක මහනුවර පොලීසියට ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08