spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

දුරකතනයෙන් මුදල් ඉල්ලන මහජන පරීක්ෂකවරු පිළිබඳව අනාවරණයක්

මහජන පරීක්ෂකවරු බව පවසමින් දුරකතන මගින් මහනුවර ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් බියකර මුදල් ලබා ගන්නා කණ්ඩායමක් සම්බන්ධයෙන් මහනුවර, ගලගෙදර සහ හතරලියද්ද පොලීසි වලට පැමිණිලි ලැබී තිබෙනවා.

ව්‍යාපාර ස්ථාන ලියාපදිංචිය, වෙළෙඳ සහතික ලබා ගැනීම ඇතුළු විවිධ කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න ඇති බව කියමින් දුරකතන මගින් මෙම පිරිස මුදල් ලබා ගන්නා බවයි වාර්තා වන්නේ.

එමෙන්ම මහනුවර මහ නගර සභාවේ ඇති හෝටල් ඇතුළු ආහාරපාන අළෙවි සැල් සදහා විවිධ නිර්නායක යටතේ සිදු කර ඇති වර්ගීකරණයේ ඉහළ ස්ථානයක් ලබාදෙන බව පවසමින් මහනුවර නගර සීමාවේ ව්‍යාපාරිකයින් ගෙන් මුදල් ඉල්ලා ඇති
බවත් අනාවරණය වී තිබෙනවා.

මේ සම්බන්ධව කළ විමසීමක දී මහනුවර නාගරික සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී පසන් ජයසිංහ පැවසුවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු බව කියමින් ඇමතුම් මගින් මුදල් ඉල්ලූ බව කියන පුද්ගලයින් 13 දෙනෙකු ගේ දුරකතන අංක සහ බැංකු ගිණුම් අංක මහනුවර පොලීසියට ලබාදුන් නමුත් ඒ සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු නොවූ බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
1
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?