දුමින්ද සිල්වාගේ සිර මැදිරියෙන් මුකුත් හමුවුණේ නෑ (වීඩියෝ)

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා මහතා බන්ධනාගාර රෝහලේ සිට එක් කළා යැයි පැවසෙන ඡායාරූපයක් සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ගාමිණී බී. දිසානායක මහතාගෙන් ප්‍රශ්න කර තිබෙනවා.

අද (04) පැවති මාධ්‍ය හමුවක දී බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ; එම ඡායාරූපය බන්ධනාගාර රෝහලේ දී ගත් එකක් දැයි තමන්ට නිශ්චිත ව ම කිව නොහැකි බවයි.

නමුත් දුමින්ද සිල්වා මහතා රඳවා සිටින සිර වාට්ටුව කලකට පෙර දී ද වරින් වර සෝදිසි කිරීම් සිදු කළ බවත් එහි තිබී කිසිදු ජංගම දූරකථනයක්, ලැප්ටොප් පරිගණක හෝ විද්‍යුත් හෝ තාක්ෂණික උපාංග සොයාගැනීමට නොහැකි වූ බවයි හෙතෙම වැඩිදුරටත් පැවසුවේ.

කෙසේවෙතත් බන්ධනාගාරයක් තුළ නිලධාරීන්ගේ ඇසට හසු නොවන පරිදි දූරකථන තිබිය හැකි බවත් ඒ සම්බන්ධයෙන් හැකි සෑම විටක ම පරීක්ෂණ සිදු කරන බව ද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියා.

මීට මාස දෙකකට පූර්වයෙන් ද සම්පූර්ණ සෝදිසි කිරීමක් බන්ධනාගාර රෝහලේ සිදු කළ බවත් ගාමිණී බී. දිසානායක මහතා වැඩිදුරටත් කියා සිටියා.

භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය නියම වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප්‍රදානය කර නිදහස් කිරීමේ දී හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ප්‍රතිපාදන නොසලකා හැර සිය බලය අත්තනෝමතික ලෙස ක්‍රියාවේ යොදවමින් අනීතික ආකාරයෙන් කටයුතු කර ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය 2024 ජනවාරි මස 17 වැනි දා තීරණය කළා.

ඒ අනුව දුමින්ද සිල්වාට හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ප්‍රදානය කළ සමාව බල ශූන්‍ය යැයි තීන්දු කළ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල විසින් ඔහුට පනවා තිබෙන දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කරනු ලැබුවා.

ඒ අනුව එදා සිට මේ දක්වා හිටපු මන්ත්‍රී දුමින්ද සිල්වා පසුවන්නේ බන්ධනාගාර රෝහල් භාරයේයි.

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් සමාව ප්‍රදානය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමේ තීරණය බල රහිත කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා මියගිය භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ බිරිඳ වන සුමනා ප්‍රේමචන්ද්‍ර , දියණිය වූ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර සහ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමේ හිටපු කොමසාරිස්වරයෙකු වන නීතිඥ ගසාලි හුසේන් යන අය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වල තීන්දුව දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ නියෝගය නිකුත් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
6
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කතාව අස්සේ අර්චුනාට ආ කෑම ප්‍රශ්නය.."මොන මඟුල් පාර්ලිමේන්තුවක්ද මේක..කෑම නෑ පාර්ලිමේන්තුවේ
01:19
Video thumbnail
"මෙරට සිදුවූ සෑම ව්‍යසනයකදීම සාක්ෂිකාරයින් වුණේ පොලිසිය"වැටිච්ච තැනින් නැගිටින්න මේ හොඳම අවස්ථාව
10:21
Video thumbnail
විමල් වීරවංශ අපේ නායකයා හිටියනම් අද එක්කෝ ජනාධිපති නැත්තම් අගමැති වෙන්න තිබුණා
10:22
Video thumbnail
රෝහිණී පාර්ලිමේන්තුව දෙවනත් කරයි.."උද්#ච්චකම තියන් වැඩ කරන්න එපා Please"
09:17
Video thumbnail
කුකුල් කූඩුවකට රිංගූ සුදු නාගයෙකු දැඩි පරිශ්‍රමයක් දරා අල්ලාගත් හැටි.."මේකට ග#යි යකෝ ගනින් ගිහින්"
04:14
Video thumbnail
20 - 20 ලෝක කුසලානය තෙක් කණ්ඩායමේ නායකයා ලෙස දසුන් ශානකව පත්කරයි
03:05
Video thumbnail
ශාන්තිකර්මයක් කරන අස්සේ කපුවෙකුට‍ කිනිසි පෙන්නලා රත්තරං මංකොල්ල කෑ පුද්ගලයෙකුට වැඩ වරදියි
00:55
Video thumbnail
වැඩ තහනම් කෙරූ වෛද්‍ය බෙල්ලෙන බඩු මුට්ටුත් අකුලන් දොට්ට බහියී..රස්සාවක් නැතිවුණොත් මං හිඟා කනවා
02:13
Video thumbnail
අජිත්ගේ අධි නීතිඥකමක් නිසා සජිත් හර්ෂණ පාර්ලිමේන්තුවේ රත්වෙයි.."රටේ අධි නීතිඥ කියලා තනතුරක් නෑ"
03:46
Video thumbnail
පාස්කු ප්‍රහාරයට සම්පූර්ණයෙන්ම වගකියන්න ඕනේ රාජපක්ෂලා..වැස්ස නවත්තන්න ඇයි අනුර, වැහි දෙයියො ද ?
10:37


?