AFC Banner
Empty Ad
Empty Ad

දුම්රිය රියදුරන් පිරිසක් වර්ජනයක – දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි (වීඩියෝ)

දුම්රිය එන්ජින් රියදුරන් විසින් ඊයේ (06) මධ්‍යම රාත්‍රියේ සිට වැඩවර්ජනයක් ආරම්භ කළා.

දෙවන පෙළ උසස් වීම් ලබාදීම ප්‍රමාදවීම, වැටුප් කේතයක් නොමැති කමින් බඳවාගැනීම් ප්‍රමාදවීම ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ඔවුන් මෙලෙස වැඩවර්ජනය නිරත වනවා.

දුම්රිය ධාවනාගාර පහෙන් ධාවනාගාර දෙකක රියදුරන් පමණක් මෙම වර්ජනයේ නිරතව සිටින අතර, මේ හේතුවෙන් බලවේග කට්ටල දුම්රිය ධාවනය සිදුනොවන බවයි ලොකොමොටිව් ඔපරේටින් ඉංජිනේරු සංගමය සඳහන් කළේ.

මේ හේතුවෙන් අද (07) දින උදෑසන කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ සිට ධාවනය වන බලවේග කට්ටල දුම්රිය කිහිපයක් ධාවනය නොවෙනු ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම උදෑසන දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගු වීම් හෝ ප්‍රමාද වීම් සිදුවිය හැකි බව ද දැනුම් දෙනවා.

මෙම වර්ජන ක්‍රියාමාර්ගය එම වෘත්තීය සමිතියේ විධායක කමිටුව විසින් රැස්ව ගත් තීරණයක් නොවන අතර, එම සංගමයේ ලේකම්වරයා විසින් ගත් තීරණයක් බවයි එම සංගමයේ සභාපති චන්දන ලාල් පවසන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?