හරක්කටාගේ නඩුව කැඳවද්දී විනිසුරු තීන්දුවෙන් මාධ්‍යවේදීන් දොට්ට දැමීම ගැන අප්‍රසාදයක් – අධිකරණ කොමිෂන් සභාවටත් පැමිණිල්ලක්?

ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජවාරම්කරුවකු මෙන් ම පාතාල කල්ලි නායකයකු වන නදුන් චින්තක නොහොත් හරක් කටා නමැත්තා ඇතුළු තිදෙනෙකු සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් පවරා ඇති නඩුව අද (23) විවෘත අධිකරණය හමුවේ කැඳවු අවස්ථාවේ දී එම නඩුව වාර්තා කිරීමට පැමිණ සිටි අධිකරණ මාධ්‍යවේදීන් ඉවත් කිරිමට මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

අධිකරණ ශාලාව භාර පොලිස් නිලධාරීයා විසින් සියලුම මාධ්‍යවේදීන් හට පිටව යන ලෙස පවසා කිසිම මාධ්‍යවේදියෙකු හට අධිකරණ ශාලාව අසලටවත් යාමට ඉඩ ලබා දී නැහැ.

එම නඩුවේ පැමිණිල්ල මෙහෙය වන නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ සජිත් බණ්ඩාර මහතා හරක්කටා ⁣සම්බන්ධයෙන් විශේෂ කරුණු දැක්වීමක් කිරීමට යන බැවින් අධිනීතිඥවරයාගේ ඉල්ලීමක් අනුව විනිසුරුවරයාගේ නියෝගය පරිදි එලෙස මාධ්‍යවේදීන් ඉවත් කිරිමට කටයුතු කළ බව එම පොලිස් නිලධාරියා මාධ්‍යවේදීන්ට ප්‍රකාශ කළා.

ස්ත්‍රී දුෂණ නඩුවක් හෝ ළමා අපචාර නඩුවක් විභාග වන අවස්ථාවක දි බාහිර පාර්ශ්වයන් ඉවත් කර නඩුව පැවැත්වීමට අධිකරණයට බලයක් ඇතත් එවන් සුවිශේෂී තත්ත්වයක් නොමැති අවස්ථාවක දී මාධ්‍යවේදීන් ඉවත් කර රහසිගතව කරුණු දැක්වීමක් ඒ සඳහා අවසර ලබාදීමත් ගැටලුසහගත බව අධිකරණ මාධ්‍යවේදීන්ගේ අදහසයි.

සුවිශේෂී අවස්ථාවක් හෝ රටේ ජාතික ආරක්ෂාවට කිසිදු බලපෑමක් නොවන තත්ත්වයක් යටතේ රටේ ජනතාවගේ තොරතුරු දැනගැනිමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින අධිකරණ මාධ්‍යවේදීන් අධිකරණ ශාලාවෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් අගවිනිසුරුවරයා හා අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් කිරීමට අධිකරණ මාධ්‍යවේදීන් කටයුතු කිරීමට සූදානම් බව ද වාර්තා වනවා.

එලෙස මාධ්‍යවේදීන් ඉවත් කර නඩුව ආරම්භ කළ අතර එම නඩුවට කිසිදු සම්බන්ධයක් නැති නීතිඥවරු සහ බන්ධනාගාර නිලධාරීන්ට අධිකරණ ශාලාව තුළ රැඳී සිටීමට අවසර දුන් අතර වෙනත් නඩු සඳහා පැමිණි පුද්ගලයින්ට හා පොලිස් නිලධාරීන්ට අධිකරණ ශාලාවට ඇතුල් වීමට අවසර හිමිවුණේ නැහැ.

හරක්කටා නමැත්තා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවා සිටිය ද ඉන් පලා යාමට සැලසුම් කිරීම හා අනුබලදීම චෝදනා යටතේ නදුන් චින්තක, මේ වනවිට රටින් පලා ගොස් සිටින පොලිස් නිලධාරියෙකු හා හරක් කටාගේ රියදුරු මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර තිබෙනවා.

නීතිඥ සංජය ආරියදාස හා නීතිඥ අසේල මුතුමුදලිගේ විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි බවත් දසත අධිකරණ වාර්තාකරු සඳහන් කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.09.25
00:00
Video thumbnail
ඉහළ කොත්මලේ ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි - මහ ජල කඳක් කඩා හැලෙණ අයුරු
01:06
Video thumbnail
ඇදහැලෙන මහ වැස්ස නිසා හැටන් සහ නුවරඑළිය කලාපයේ පාසල් 306ක් වැසෙයි
00:39
Video thumbnail
වැල්ලවාය - මොණරාගල මාර්ගය හරහා මාරුවෙන අමුත්තො රංචුව - "කකුල් උස්සලා ලස්සනට යන හැටි"
00:51
Video thumbnail
උණකන්ද රක්ෂිතයේ සරුවට වැඩුණු ගංජා හේන් දෙකක් කොටුකළ මෙහෙයුම
01:08
Video thumbnail
පංති ගිය ළමයා අතුරුදන්..දැන් දින 7ක් වෙනවා ළමයා ගැන කිසිම තොරතුරක් නෑ - අද ගමම කම්පා වෙලා
05:57
Video thumbnail
මුහුද මැද පෙරළී ගිය යාත්‍රාවක සිටි ඉන්දුනීසියානුවන්ගේ ජීවිත රැකගත් නාවික හමුදා මෙහෙයුම
00:43
Video thumbnail
මුළු ගමක්ම බිය කළ වන අලියා මෙල්ල කළ මෙහෙයුම - ආවොත් මොන මඟුලක්වත් කරන්න බෑ
02:03
Video thumbnail
සෘණාත්මක අදහස්වලට නොමඟයන්න එපා - MF සමඟ කළ 7ත් වන සමාලෝචනය ගැන නි. මුදල් ඇමති හෙළිකරපු දේ
13:08
Video thumbnail
ලංකා ඉතිහාසයේ ප්‍රථම වරට දහසක් කුල දරුවන් සසුන් ගත කිරීමේ ජාතික මහෝත්සවය
01:23