ජේ. ශ්‍රී රංගාගේ ඇප ඉල්ලීමත් ඉවතට

කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමට සූදානමක් ඇති බවත් එය වළක්වාලන නියෝගයක් ලබා දෙන ලෙස ඉල්ලා හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන ජේ. ශ්‍රී රංගා නමැති අය ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලීමක් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා අද (23) ප්‍රතික්ෂේප කළා.

මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම් මිහාල් මහතාට අපහාසයක් වන ආකාරයේ වදන් ඇතුළත් දැන්වීම් කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල ඇලවූ බව කියන සිද්ධියට අදාළව කොළඹ අපරාධ කොට්ඨාසය මගින් තමාව අත්අඩංගුවට ගැනීමේ සූදානමක් ඇති බවත් එය වැළැක්වීම සඳහා තමාට අපේක්ෂිත ඇපයක් ලබා දෙන ලෙසට ජේ.ශ්‍රී රංගා නමැති අය නීතිඥවරයකු මගින් ගොනුකර තිබූ අපේක්ෂිත ඇප ඉල්ලුමක් එසේ ප්‍රතික්ෂේප කිරීමටයි පියවර ගැනුණේ.

මෙම සිද්ධියේ හත්වන සැකකරුවකු වන තිලක්ෂණ නමැත්තා හා ජේ.ශ්‍රී රංගා අතර එම අපහාසාත්මක දැන්වීම් ඇලවීමට අදාළ දුරකථන සංවාදයක හඬ පට කොළඹ අපරාධ කොට්ඨාසය මගින් සොයාගෙන ඇති එබැවින් ඔහු එම සිද්ධිය දැනගෙන සිටිය බව අධිකරණයට හැඟී යන්නේ යැයි ද අපේක්ෂිත ඇපය ප්‍රතික්ෂේප කරමින් මහේත්‍රාත්වරයා ප්‍රකාශ කළා.

අපරාධ කොට්ඨාසය මගින් අධිකරණය හමුවේ ගොනුකර ඇති එම කරුණු අනුව ජේ. ශ්‍රී රංගා නමැත්තාට අපේක්ෂිත ඇපයක් නියම කිරීමට අධිකරණයට හැකියාවක් නොමැති බව ද මහේස්ත්‍රාත්වරයා දැනුම්දුන්නා.

මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව කොළඹ ඇතුළු තදාසන්න ප්‍රදේශවල අපහාසාත්මක දැන්වීම් ප්‍රදර්ශනය කිරීම ජේ.සී රංගා නමැත්තාගේ පූර්ණ අනුදැනුම ඇතිව සිදුව ඇති බවවට කරුණු අනාවරණය වී ඇති බැවින් ඔහුව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා අවශ්‍ය පියවර ගෙන ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී ඉදිරිපත් කර තිබූ බී වාර්තාවක් පිළිබඳව අවධානය යොමු කරමින් ජේ. ශ්‍රී රංගා නමැත්තා නීතිඥවරයෙක් මගින් එම අපේක්ෂිත ඇප අයදුම්පත අධිකරණය වෙත යොමු කර ඇති බවයි දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජේ. ශ්‍රී රංගා නමැත්තා ගොනුකර තිබූ අපේක්ෂිත ඇප අයදුමට කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේදී විරෝධතාවයක් දැක්වීම හේතුවෙන් ඊට ප්‍රතිවිරෝධතා ඊයේ දිනයේදී ඉදිරිපත් කරන ලෙසට ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා පෙර නඩු වාරයේදී රංගා වෙනුවෙන් ඇප අයදුම්පත යොමු කළ නීතිඥවරයාට නියෝගක් ලබා දී තිබුණා.

එම නියෝගය අනුව රංගා නැමැත්තාගේ නීතිඥවරයා අද අදාළ ප්‍රතිවිරෝධතා ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එම ඉල්ලීම එසේ ප්‍රතික්ෂේප කෙරුණා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය සැකකරුවන් අට දෙනකු අත්අඩංගුවට ගෙන තිබූ අතර ඉන් සිව් දෙනෙකුට අධිකරණයෙන් ඇප නියමව තිබෙනවා.

ඉකුත් 28 වෙනි දින කොළඹ කොටුව දුම්රිය ස්ථානය, රේගු දෙපාර්තමේන්තුව, අලුත්කඩේ මහාධිකරණය, පැළවත්ත, බත්තරමුල්ල, ඇතුළු නාගරික ප්‍රදේශවල මෙම අපහාසාත්මක වදන් ඇතුලත් දැන්වීම් අලවා තිබූ බව ද කොළඹ අපරාධ කොට්ඨාසය පෙර නඩු වාරයේ දී අධිකරණයට දන්වා සිටියා.

මීට වසර කීපයකට පෙර මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලත් විත්තිකරුවන් පස්දෙනෙකුට එරෙහිව නඩු තීන්දුවක් ඉකුත් 29 දින මන්නාරම මහාධිකරණය මගින් ලබාදීමට නියමිතව තිබී ඇති බව ද ඊට පෙර දිනයේදී මෙම අපහාසාත්මක දැන්වීම් අලවා තිබූ බව ද එම අපරාධ කොට්ඨාසය පසුගිය නඩු වාරයේදී අධිකරණයට දැනුම්දුන් බවයි වාර්තා වන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14